වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




බලනවා නම් චිත්‍රපට

බලනවා නම් චිත්‍රපට

අසාධාරණයට එරෙහි වූ ගැහැනිය ගුලාබ් ගැන්ග්
(GULAAB GANG)

ජනපි‍්‍රය හින්දි තරු යුවළක් වන මධුරි ඩික්සිත් හා ජූහි චවුලා එකිනෙකාට ප්‍රතිවාදී චරිත දෙකක් මවන චිත්‍රපටයක් වෙයි.

සමාජ අයුක්තිය සහ අසාධාරණයට ලක් වූ ගැහැනුන් වෙනුවෙන් නැඟී සිටින රාජෝ නම් වූ වීර කාන්තාවක් වටා ගෙතුණ ගුලාබ් ගැන්ග් නමැති හින්දි චිත්‍රපටයයි.

ජූහි චව්ලා (සුමිත්‍රා දේවි), මධුරි ඩික්සිත් (රාජෝ), පි‍්‍රයංකා බෝස් (සන්ධ්‍යා), ලතා එස්. සිං (ටාරා) සහ දිව්‍යා (ජග්ඩේල්) ලෙස රඟන ගුලාබ් ගැන්ග් කතාව, තිර රචනය, සංගීතය සහ අධ්‍යක්‍ෂණය සෞමික් සෙන් ගෙනි.

සිනමාකරුවකු වීමේ සිහින දකින ජිගර් තන්ඩා
(
JIGAR THANDA)

කාර්නික් සුබ්‍රමානියම් හොඳ සිනමාකරුවකු වීමේ සිහින දකියි. ඔහු ඒ සිහිනය මල්පල ගන්වා ගැනීම සඳහා මහත් ධෛර්යයකින් කටයුතු කරයි. ඔහුට හමුවන නිෂ්පාදකයන් අපේක්‍ෂා කරනුයේ ඔහු කිරීමට බලාපොරොත්තු වන ආකාරයේ චිත්‍රපටයක් නොව ජනපි‍්‍රය තලයේ චිත්‍රපටයකි. එහෙත් කාර්නික් සුබ්‍රමානියම් අධෛර්යවත් නොවේ. එය ඔහුගේ ජයග්‍රහණයට මග පාදයි.

කාර්නික් සුබ්‍රමානියම් ලෙස ඉන්දීය සිනමාවේ ජනපි‍්‍රය නැගී එන නළු සිද්ධාර්ත් ප්‍රධාන චරිතය රඟන ජිගර් තන්ඩා සෙසු රංගනයෙන් ලක්‍ෂමී මෙනන් (කයල් විෂ්) ලෙසත් බොබි සිම්හා, නසාර්, කරුණාකරන්, රාමචන්ද්‍රන් දුරෙයි රාජ්, සෞන්දරාජ් සහ අම්බිකා ඇතුළු ජනපි‍්‍රය නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙති.

සන්තෝෂ් නාරායන් සංගීත අධ්‍යක්‍ෂණය කළ ජගර් තන්ඩා කාර්තික් සුබ්බරාජ් ගේ අධ්‍යක්‍ෂණයකි.

මිනිසා ගේ ධෛර්යවන්ත කම ඉදිරියේ පසු බසින ගොඩ්සිලා
(GODZILLA)

මිනිසාගේ ධෛර්යය සම්පන්න බව පෙන්වන ගොඩ්සිලා මේ දිනවල ඉතාමත් ජනපි‍්‍රය ඉංගී‍්‍රසි චිත්‍රපටයකි.

විශාල රාක්‍ෂයෙක් බඳු ගොඩ්සිලා ගෙන් ලෝකය බේරා ගැනීම සඳහා විද්‍යාත්මක දැනුම උපයෝගී කරගෙන ගොඩ්සිලා විනාශ කිරීම සඳහා විද්‍යාඥයන් විසින් පියාඹන සත්වයකු නිර්මාණය කරනු ලබයි.

මෙම රොබෝ සත්වයා ඉදිරියේ ගොඩ්සිලා පරාද වී පලා යයි.

මෙවන් කතා පුවතක් රැගත් ගොඩ්සිලා චිත්‍රපටයේ ආරොන් ජොන්සන්, එළිසබෙත් ඕසන්, බ්‍රයන් කැරන්ස්ටන්, ඩේවිඩ් ස්ට්‍රාතන්, කෙන් වටනබේ ඇතුළු ජනපි‍්‍රය නළු නිළියන් රංගනයෙන් දායක වෙති.

ගොඩ්සිලා ග්රේන් එඩ්වඩ් ගේ අධ්‍යක්‍ෂණයකි.

පෞද්ගලික ජීවිතය ද? වෘත්තීය ජීවිතය ද? ඩ්‍රාෆ්ට් ඩේ
(DRAFT DAY)

පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් තම වෘත්තීය ජීවිතය තුළ කැප කළ යුත්තේ කුමක්ද? තම පෞද්ගලික ජීවිතය ද? නොඑසේ නම් වෘත්තීය ජීවිතය ද?

ඒ තීරණය කුමක්දැයි නැරඹිය හැක්කේ දක්‍ෂ නළුවකු වන කේවින් කොස්ට්නර් සහ ජෙනිෆර් ගානර් රඟන නවතම චිත්‍රපටයෙනි.

අයිවන් රෙයිට්මන් ගේ අධ්‍යක්‍ෂණයක් වන ඩ්‍රාෆ්ට් ඩේ හි සෙසු රංගන දායකත්වය ටොම් විලීන්, සෑම් එළියට්, ටෙරි කෲස් සහ ඩෙනිස් ලේරි ගෙනි.

මොන මගුලක් ද මන්දා ටූ ස්ටේටස්
(2 STATES)

ක්‍රිෂ් (අර්ජුන් කපූර්) පන්ජාබ් තරුණයෙකි. ඔහුට අහමද්බාද් නගරයේදි ද්‍රවිඩ යුවතියක වන අනන්‍යා (අලියා බාට්) හමු වෙයි.

ඔවුන් ප්‍රේමයෙන් වෙළී ජීවත් වුවද ඔවුනගේ ප්‍රේමයට දෙපාර්ශවයේම මවුපියන් හරස් වෙයි. එහිදී ක්‍රිෂ් සහ අනන්‍යා කුමක් කරයිද? මේ කරන් ජොහාර් නිෂ්පාදනය කළ අලුත්ම හින්දි චිත්‍රපටය වන ටූ ස්ටේටස් හි කතා පුවතයි. අති ශෘංගාරාත්මක චිත්‍රපටයක් ලෙස සැලකෙන මෙහි මියුරු ගීත හයක් ඇතුළත්ය.

අර්ජුන් කපූර්, අලියා බාට් සමඟ අම්රිටා සිං, රොනිට් රෝයි, රේවතී, ශිව කුමාර් සුබ්‍රමානියම් රඟන ටූ ස්ටේටස් අභිෂේක් වර්මන් ගේ අධ්‍යක්‍ෂණයකි. ටූ ස්ටේටස් සුප්‍රකට නවකතාකරු චේතන් භගත් ගේ කෘතියක් පාදක කරගත් අතර තම කතාව දිලිප් ජයකොඩි විසින් මොන මගුලක්ද මන්දා යනුවෙන් සිංහලට පරිවර්තනය කොට ඇත.

සතුරන්ක වෙට්ටෙයි
(SATHURENKA VETTEI)

නවතම නළු නිළියන් රැසක් රඟන සතුරන්ක වෙට්ටෙයි දෙමළ චිත්‍රපට ඇලුම් කරන්නන්ට මේ දිනවල නැරඹිය හැකි චිත්‍රපටයකි.

ුනවානම්, ඉලවරාසු, නටරාජ් ඉෂ්රා, පරිශුද්ධන් ධාරදන්, රාම චනුන් ඇතුළු නළු නිළියන් රඟන සතුරන්ක වෙට්ටෙයි එච්. විනෝන් ගේ අධ්‍යක්‍ෂණයකි. එන්. ලින්ගුසාමි මෙය නිපදවා ඇත.

බ්ලු රේ චිත්‍රපට අනුග්‍රහය

මූවි වර්ල්ඩ් එච්. ඩී.

ඩී. වී. ඩී. අනුග්‍රහය

නීරෝ සී. ඩී. හවුස් මල්වත්ත පාර.