වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




FEEDBACK

චණ්ඩි පුතා නැවත එපා

සිනමා සක්විතියන් රංගනයෙන් දායක වූ පෙර සිනමාවේ අසිරිය හැමදාමත් එක ලෙසම පැවතිය යුතු චණ්ඩි පුතා චිත්‍රපටයක් නැවතත් අවශ්‍ය නොවේ. පෙර චිත්‍රපටයක් නොව නව වැදගත් වූ චිත්‍රපටයක් බිහි කරනු මැන.
 

ලාලනී රේණුකා වික්‍රමසිංහ

කුරුණෑගල

ස්ටැන්ලි සුව වේවා

සිංහල සිනමාවේ සංස්කාරක ශිල්පියකු ලෙස මෙහෙවරක් කළ ස්ටැන්ලි ද අල්විස් කලාකරුවාණෙනි සියලු දෙවි රැකවරණින් ඔබට දැන් පවතින රෝගී තත්ත්වයන් දුරු වී ඉක්මන් සුවය ලැබේවා.
 

විජයානන්ද පොඩි නිලමේ

නාලන්දාරාම පාර

නුගේගොඩ

නැවත නිෂ්පාදනයට පිවිසීම ගැන අපේ ස්තූතිය

හොඳම චිත්‍රපට නිෂ්පාදකවරයකු ලෙස ‘සරසවිය’ සම්මානයෙන් දෙවරක්ම දිනා ගත් බන්දුල ගුණවර්ධන ඇමතිතුමන් වසර දහනවයකට පසු යළිත් චිත්‍රපට නිෂ්පාදනයට පිවිසීම ගැන අපගේ බලවත් සතුට සමඟ අවංක ආදර ස්තුතිය එතුමාණන්ට මින් පුද කරන්නෙමු.
 

තිලකරත්න විල්වල

කෑගල්ල

ශාලාවේ නැතත් සිනමාවේ ඇත

අතීතයේදී බොහෝ කලා නිර්මාණ සඳහා දුම්වැටි භාවිත කළා. ඒවාට දුම්වැටි සමාගම් මුදල් ගෙව්වා. වර්තමානයේ සිනමාහල් තුළ දුම්බීම තහනම් වුව ද චිත්‍රපට දර්ශනවලට දුම් බොන දර්ශන ඇතුළත් කරලා. රැඟුම් පාලක මණ්ඩලයට මේවා නොපෙනීම කණගාටුදායකයි. දුම්වැටි සමාජයෙන් තුරන් කිරීමට රජය උත්සාහ ගනිද්දී මෙවැනි දේවල් නැවත කලා නිර්මාණ හරහා ප්‍රසිද්ධිය ලබා දීම වරදකි.
 

සමන් ගාල්ලගේ

කැටපළ

ධනුෂ්ක - සුදුස්සාට සුදුසු තැන

පසුගියදා අවසන් වූ දෙරණ ඩ්‍රීම් ස්ටාර් මහ තරගය ප්‍රසංසනීයයි. සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතුය යන කියමන සනාථ කකරමින් එම්. ජී. ධනුෂ්ක එහි කිරුළ දිනා ගැනීම ගැන මා හදපත්ළෙන්ම සතුට ප්‍රකාශ කරමි. කීර්ති පැස්කුවල්ගේ විනිශ්චය අප සැමට ආඩම්බරයකි. එවැනි විශිෂ්ට ගණයේ විනිශ්චය මණ්ඩලයක් හමුවේ ඩ්‍රීම්ස්ටාර් නැරැඹීමට කැමැත්ත පළ කරමි.
 

ඉන්ද්‍රාණි ආරියවංශ

ගල්කිස්ස

ආදරයට තැනූ ගීත

ආදරයට තැනූ ගීත බොහෝ ඇතේ
ආදර වදනින් ඇරැඹෙන ගී ස්වල්පයකි
ආදරියේ රුචිරානණියේ - මොහිදින් බෙග්
ආදරයයි කරුණාවයි – රුක්මණී දේවි
ආදරයේ උල්පත වූ අම්මා - වික්ටර් රත්නායක
ආදරේ මන්දිරේ - සුජාතා අත්තනායක
ආදරේ හිතෙනවා - ජෝති / ඇන්ජලින්
ආදර මල් පවනේ - ජෝති
ආදරේ කරලා - ජෝ බී. පෙරේරා
ආදරේ කියන්න දන්නෙ නැහැ - ත්‍රීසිස්ටර්ස්
ආදරේ රන් බිඟුන් – මර්වින් පෙරේරා
ආදරේ කියූ - ප්‍රියා සූරියසේන
ආදරේට කියන කතා - ක්ලැරන්ස් විජේවර්ධන
ආදරය සුන්දර වරදකි – කරුණාරත්න දිවුල්ගනේ
ආදරවන්ති – එම්. එස්. ප්‍රනාන්දු
ආදර සීනුව - ග්‍රේෂන් ආනන්ද
ආදරයෙන් මෙසේ - මිල්ටන් මල්ලවාරච්චි
 

මේ ගීත අප වෙත ලියා එව්වේ වයික්කාලේ ඈන් නිලන්ති ප්‍රදීපිකා

අතකස අලුත් වෙනස

අගනුවර තරුණ කවි සමාජය හෙවත් අතකස හැත්තෑ හත්වැනි අභිමන් හී සුන්දරව කවි ගායනා කළ ළමා කවි බලකායට මගේ ප්‍රණාමය පුදමි. මීට පෙර මෙවැනි වැඩිහිටි කවීන්ගේ දූ දරුවන්ගෙන් සමන්විත අතකස කවි බලකායක් නොතිබුණි. අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා ද මේ කවි බලකාය ගැන විශේෂ හඳුන්වාදීමක් කරමින් අතකසට ප්‍රශංසා කළේය. 1935 දී විහාර මහ දේවි උද්‍යානයේදී පී. බී. අල්විස් පෙරේරා කොළඹ කවි සමාජය ඇරැඹූ හැටි ද එයට පසුව අගනුවර තරුණ කවි සමාජය නමින් සභාපතිවරුන් පහළොස් දෙනෙකු යටතේ ඉදිරියට ආ හැටි තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් අගේට තම දේශනයේදී සඳහන් කළේය.
 

ඩඩ්ලි ගෝමස්

කටුබැද්ද

මොරටුව

බිමල්ගේ රඟපෑම් හොඳයි

වරාමලී නාට්‍යයේ බිමල් ජයකොඩිගේ රඟපෑම ඉතාම හොඳයි.
 

නන්දා ලියනගේ

මහවැව

මකුළු දැල් - නලීන් පැසසුම්

ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන මකුළු දැල් ඉතා හරවත් ආදර්ශවත් ටෙලි නාට්‍යයක් ලෙස හඳුන්වා දීමට හැකිය. එහි උපාලිගේ චරිතයට ජීවය දෙමින් නලීන් ප්‍රදීප් උඩවෙල අති දක්ෂ රංගනයක යෙදීම පැසසිය යතු කරුණකි.
 

එච්. ඉන්ද්‍රපාල

මුංහේන

ටෙලි නාට්‍ය නවත්වනු

ටෙලි නාට්‍ය විකාශය වහා නවත්වනු - නොපමාව වෙළෙඳ දැන්වීම් අසූ හාරහසක් පමණ නරඹන්නන්ගේ සර්වාංගයට ඇතුළත් කරනු.
 

සුනිල් චන්ද්‍රසේකර

යාගොඩමුල්ල

කොටුගොඩ

වියපත් නොවන ඩග්ලස්

අතීතයේ සුන්දර රුවකින් අප දුටු ඩග්ලස් රණසිංහ තවම අදත් එලෙසම අප දකිනවා. ඇත්තටම ඔහු වියපත් නොවන සොඳුරු නළුවෙක්. ඩග්ලස්ව තව චිරාත් කාලයක් එලෙසින්ම දක්නට ලැබේවා.
 

සුසිලා පතිරාජ

උස්වැටකෙයියාව

S.M.S.

ජින්ජර් අක්කේ, කවුරු මොනවා කිව්වත් ඔයාගේ සිංදු මට නම් අහගෙන ඉන්න පුළුවන්. ලංකාවේ ඉන්න අංක එකේ ගායිකාව ඔයයි. ජින්ජර් අක්කි තරම් ප්‍රසංග වේදිකාවේ කැපී පෙනෙන කිසිම ගායිකාවක් නැහැ. ඔයාට තියෙන ඊරිසියාවටයි අනිත් අය ඔයාට බනින්නේ. සැලෙන්න එපා ජින්ජර් අක්කි, සැලෙන්න එපා.
 

නිලූ

දෙහිවල

හිරු නාලිකාවෙන් විකාශය වන තෙවන ඇස, අපරාධකරුවන් නීතියේ රැහැනට කොටු කර ගන්න පුළුවන් වැදගත් වැඩසටහනකි.
 

යූ. ජී. පාලිත කුමාරසිංහ

ගඩලාදෙණිය

පුංචි වලව්ව ටෙලි සිතුවමේ ජ්‍යෝතිෂ්‍යවේදියාගේ චරිතය රඟන නළුවා කවුරු වුණත් ඔහුගේ රංගනය ඉතාම ඉහළයි කියලා කියන්න පුළුවනි.
 

තුෂාල් ප්‍රනාන්දු

පානදුර

සමහර ටෙලි ඩ්‍රාමාවල කතාවට අනුව එහි චරිත ගෙවල් හදන්නේ ලෝන් අරගෙන. නමුත් එයාලා එහෙ මෙහෙ යන්නේ කාර්වලින්. හරිම පුදුමයි.
 

ප්‍රනීත පෙරේරා

මොරටුව

මේ දිනවල විකාශය වන හොඳම සහ ජනප්‍රියම නාට්‍ය හැටියට මම දකින්නේ සාරංග මෙන්ඩිස්ගේ ගිනි අවි සහ ගිනි කෙළි. මෙගා ටෙලි නාට්‍යයක් මෙතරම් විශිෂ්ට ලෙස නිර්මාණය කළේ කෙසේ ද යන්න මට නම් පුදුමයකි.
 

කමල් වීරසිංහ

නාවල

පුන්සිරි සොයිසාගේ ගීත හැම එකක්ම වගේ ගොඩක් සුන්දරයි. එතුමා අපේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න යැයි මම පතනවා.
 

ලක්මාලි

අලව්ව

රන්ජන් රාමනායකගෙන් පසුව මා දුටු හොඳම සුපිරි නළුවා තමයි චන්න පෙරේරා.
 

දිමුතු

ගාල්ල

රුවන් හෙට්ටිආරච්චි වරාමලී ටෙලි නාට්‍යයේ තේමා ගීතය ගායනා කරන අන්දමට මම කැමැතියි. ඔහුගේ හඬට සමාන කරන්න වෙන කිසිදු හඬක් නැති තරම්. මට හිතෙනවා වරාමලී ගායනය වෙනුවෙන් රුවන්ට සම්මානයක් හිමි වේවි කියලා.
 

සන්චලා

නුවර

අපේ සමහර නවක ගායකයින් පැරැණි ගායකයින්ට උපහාර දක්වනවා කියලා ඔවුන්ගේ ගීත ගයනවා. එතෙන්දි වෙන්නේ අනුන්ගේ පහනින් එළිය බැලීමක් පමණ‍යි.
 

අනුලාවතී

අවිස්සාවේල්ල

මංජුලා කුමාරි සහ සුරාජ් මාපා එකට රඟන ටෙලි නාට්‍යයක් බලන්න ආසයි. ඔවුන් දෙපොළ ඕළු නාට්‍යයේ රඟපෑ අයුරු අදටත් මතකයි.
 

මධුශානි

මතුගම

ෂාරුක් ඛාන් සහ කාජල් වයසට නොයන නළු නිළි දෙපොලක් කියලයි අපට නම් හිතෙන්නේ. ඔවුන් එදා වගේම අදත් ලස්සනයි.
 

නිමේෂා රසා සහ රන්දි

මතුගම

චන්න විජේවර්ධන මහත්මයාණෙනි, රිදී රැයක් දොළොස් වන ප්‍රසංගයට නොනවතින ගීත පෙළක් යොදාගෙන අපූරු නර්ථන අංගයක් ඉදිරිපත් කරන මෙන් මා යෝජනාවක් කරනවා.
 

රුවන් කුමාර

රත්නපුර

මතුපිටින් දැක රස විඳිනවාට වඩා ගැඹුරු අර්ථයක් දෙන කලා නිර්මාණ හිඟ ඇයි. ගීතයක් හෝ වේවා ටෙලි නාට්‍යයක් හෝ වේවා උඩින් පල්ලෙන් අතගා රසිකයන්ට ඉදිරිපත් කරන බවකුයි මට නම් පෙනෙන්නට තියෙන්නේ.
 

වසන්ත

හොරගොල්ල

මුතු තරංගා රඟපානවාට වඩා ඇයගේ ගී ගැයුම හොඳයි. මට හිතෙන විදිහට ඇයට වඩාත් ගැළපෙන්නේ ගායනය.
 

ලක්මාලි

වරකපොළ

ඔබේ ප්‍රතිචාර
SMS
0752805047
තැපැල් හෝ සටහන්පත් මඟින් ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10.

www.sarasaviya.lk  අප වෙබ් පිටුව හරහා ද ප්‍රතිචාර දැක්විය හැකිය.