වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමා කතිකාවත හෙට ඇරැඹේ

සිනමා කතිකාවත හෙට ඇරැඹේ

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථව මඟින් සංවිධානය කරනු ලබන සිනමා කතිකාවත හි පළමු පියවර මෙම මස 18 වැනිදා එනම් හෙට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වෙයි. විරාගය සිනමා ප්‍රතිසේවනය මාතෘකාව යටතේ මහාචාර්ය සමන්ත හේරත් සහ සනත් ගුණතිලක මෙහිදී දේශන පවත්වනු ලැබේ. මෙය අවසානයේ දී තිස්ස අබේසේකරයන් අධ්‍යක්‍ෂණය කළ විරාගය චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙනු ඇත.

නන්දා ලීලානායක අභාවප්‍රාප්ත වෙයි

පුදුම ලේලි චිත්‍රපටයේ කාරුණික ලේලියගේ චරිතය රඟපෑ නන්දා ලීලානායක අභාවප්‍රප්ත විය. මිය යන විට ඇගේ වයස අවුරුදු හැත්තෑ අටකි. කොළඹ මරදානේ උපත ලැබූ නන්දා නිළියක් වන්නේ පුවත්පතක පළ වූ දැන්වීමකට අයැදුම් කොටය. බණ්ඩා නගරයට පැමිණීම ඇගේ පළමු චිත්‍රපටය විය.

තම දෙවැනි සිනමාපටය වූ පුදුම ලේලි චිත්‍රපටයේ රඟපෑ ප්‍රේම් ජයන්ත් සමඟ විවාහ වූ ඇය අනතුරුව සිනමාවෙන් සමුගත්තාය. අසූව දශකයේ ජනප්‍රිය නළුවකු වූ ජගත් රොහාන් ඇගේ පුතණුවන්ය. නන්දාගේ අවසන් කටයුතු පසුගියදා සිදු විය.