වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




අනිල් කපූර්ගේ ඇස් කණ්ණාඩි

අනිල් කපූර්ගේ ඇස් කණ්ණාඩි

සිනමාපටවල නම් ‘ආදරය’ හැර අන් සියලු දේම අත්හරින්නට පෙම්වතාට හෝ පෙම්වතියට පුළුවන්. එහෙත් රූගත කිරීම්වලදී මොවුනට හැර යා නොහැක්කේ කණ්ණාඩියයි. නළුවකුට හෝ නිළියකට කරන, නරකම විහිළුව ඔහුගේ / ඇයගේ කණ්ණාඩිය සැඟවීමයි.

අනිල් කපූර්ට තිස් වසරක සිනමා ජීවිතයේදී කණ්ණාඩිය තරම් සමීප වුණු තවත් මිතුරකු නැත. ඔහුගේ අඩිපාරේ යමින් සෝනම් සහ හර්ෂ් ද ජීවිතය කණ්ණාඩිය බවට පත්කර ගෙන සිටිති. රේඛා සහ කරීනා ද කණ්ණාඩියෙන් තොරව මොහොතක් හෝ ගත කළ නොහැකි තාරකාවන්ය.

එහෙත් රිතික් රොෂාන්, සාහිඩ් කපූර් වැන්නන් එසේ නැත. සල්මන් ඛාන්, ෂාරුක් ඛාන්, අභිෂේක් බච්චන්, අජේ දේව්ගන් වැන්නන් කණ්ණාඩියක් භාවිත කරන්නේ රැවුල බෑමට පමණි.