වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




ඉලේනාගේ පෙම්වතාට වාසියක්

ඉලේනාගේ පෙම්වතාට වාසියක්

ඉලේනා ඩි කෲස් කී සැණින් මතකයට නැඟෙන්නේ ‘බර්ෆි’ සිනමාපටයේ දයාබර, රුවැති පෙම්වතියයි. දැන් ඇය සැබෑ ජීවිතයේ ද ආදරවන්තියකි. ඇයගේ හදවත දිනාගෙන තිබෙන්නේ බොලිවුඩ් තරුවක් නම් නොවෙයි. ඇන්ඩෲ නීබෝන් ඇයගේ පෙම්වතායි. ඔස්ටේ‍්‍රලියානු ජාතික ඇන්ඩෲගෙන්, ඉලේනාට දැන්ම සිට ලැබෙන්නේ හොඳ සහයෝගයකි. ඔහු සෑම දර්ශන තලයකටම ඉලේනාව ගෙනත් ඇරලවන්නේය. මේ දිනවල රූගත කෙරමින් පවතින්නේ ඇය රඟන ‘හැපි එන්ඩිං’ සිනමාපටයයි.

නිතර දර්ශන තලයට යනෙන මේ සුදු ජාතික කඩවසම් හාදයා ඇන්ඩෲටත් රංගන වරම් උදාකර දීමට අධ්‍යක්ෂවරයා තීරණය කර තිබේ. එනිසා ඉලේනා මේ දිනවල තම රඟපෑම්වලට අමතරව ඔහුට රංගනය කියා දීමටත් කාලය යොදවයි.

විසි හය හැවිරිදි ඉලේනා කොලිවුඩයේ ද, බොලිවුඩයේ ද රජ කරන සුන්දර, ජනප්‍රිය තාරකාවකි.