වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




කෝටියක් වටිනා හාදුවක්

කෝටියක් වටිනා හාදුවක්

සාමාන්‍යයෙන් බොලිවුඩය පුරා ලැව් ගින්නක් මෙන් පැතිරෙන්නේ තරුවක්, තාරකාවකට හාදුවක් දුන් විටයි. එහෙත් ෂාරුක් ඛාන් තරුවකට දෙන හාදුවට ඊට වැඩි වටිනාකමක් තිබේ.

මීට පෙර සැමගේම කථාබහට ලක් වූයේ ඉෆ්තාර් සාදයේදී ෂාරුක්, සල්මන්ට දුන් හාදුව ගැනයි. දැන් කථාබහට ලක් වී තිබෙන්නේ අජේ දේව්ගන් සහ ෂාරුක් ඛාන් අතර හුවමරු වූ හාදුවයි. කලින් මිතුරකු වූ අජේ පසුව ෂාරුක්ගේ සතුරකු බවට පත් විය. එහෙත් කාලයාගේ ඇවෑමෙන් ‘සිංග්හම් රිටර්න්ස්’ දර්ශන තලයේදී මේ සතුරු වූ මිතුදම යළිත් වරක් මිතුදමක් බවට පත් විය. ඒ දෙදෙනා අතර සිදු වූ උණුසුම් සිප වැළඳ ගැනීම නිසයි. දිගුකාලීන මිතුරන් සේ දෙදෙනා සුහද කථාබහක යෙදී තිබේ.

ෂරුක්ගේ සහ අජේගේ සබඳතා වඩාත් පළුදු වූයේ ෂාරුක්ගේ ‘ජබ් තක් හෛ ජාන්’ සහ අජේ දේව්ගන්ගේ ‘සන් ඔෆ් සර්දාර්් 2012 වසරේ එකට තිරගත වීම නිසයි.

මේ හාදුව රසවිඳි අධ්‍යක්ෂ රෝහිත් ෂෙට්ටි විහිළුවට මෙන් කියා සිටියේ දෙදෙනාගේ හාදුව තමන් රුපියල් කෝටියකට අලෙවි කරන බවයි.