වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




‘එම්පයර්’ යළි ඉදිවේ

‘එම්පයර්’ යළි ඉදිවේ

මෙරට සිනමාශාලා පද්ධතියට එකතුවන නවීනතම සිනමා සංකීර්ණය එම්පයර් සිනෙ ප්ලෙක්ස් හෙට සිට මහජන ප්‍රදර්ශනය සඳහා එක්වෙයි. පසුගිය සතියේ කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ විවෘත වූ ආකේඩ් ඉන්ඩිපෙන්ඩන්ස් සාප්පු සංකීර්ණයේ පිහිටා ඇති මෙම සිනමාශාලා ආසන 70 ක් සහ ආසන 30 කින් සමන්විතවේ. ඒ ලොව නවීනතම අංග සම්පූර්ණ පහසුකම් සහිතය. ත්‍රිමාන ප්‍රදර්ශනය සහිත මෙම සිනමාශාලා යුගලය සීමාසහිත සිලෝන් තියටර්ස් සමාගමට අයත්ය.

මෙරට මුල්ම ස්ථාවර සිනමාහල ද එම්පයර් නම් වූ අතර, කොළඹ ඉබ්බන්වල පිහිටි, එම සිනමාශාලාව අයත්ව තිබුණේ ද සිලෝන් තියටර්ස් සමාගමටය.