වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




ඩොනල්ඩ්ගේ ඉල්ලීමට සංස්ථාවෙන් හැරෙන තැපෑලෙන් පිළිතුරක්

ඩොනල්ඩ්ගේ ඉල්ලීමට සංස්ථාවෙන් හැරෙන තැපෑලෙන් පිළිතුරක්

පසුගිය සතියේ ‘සරසවිය’ පුවත්පතෙහි පළ වූ ඩොනල්ඩ් ජයන්තගේ ඉල්ලීමක් යන ශීර්ෂය යටතේ පළ වූ පුවත වෙනුවෙන් ලිඛිත පිළිතුරක් පුවත්පත නිකුත් වී පැය කිහිපයක් තුළදී ජාතික චිත්‍රපට සංස්ථාවෙන් සරසවියට එවා තිබිණ. එය මෙසේය.

ඩොනල්ඩ් ජයන්ත සිනමා ශිල්පීන්ගේ ගෞරවණීය තත්ත්වය ආරක්ෂා වන පරිදි සිනමා ශිල්පින් සඳහා හැඳුනුම්පත් ලබා දෙන ලෙස සංස්ථා සභාපතිතුමාගෙන් ඉල්ලීමක් කර තිබිණ. ජාතික චිත්‍රපට සංස්ථා විසින් සිනමා ශිල්පීන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීම අසූව දශකයේ සිට කටයුතු කර තිබූ නමුත් පසුගිය කාලයේ ඒ වැඩ පිළිවෙල තාවකාලිකව නවතා තිබුණේ උසස් තත්ත්වයන්ගෙන් යුත් ඩිජිටල් මුද්‍රණ හැඳුනුම්පතක් ලබාදීමට අවශ්‍ය කටයුතු සැලසීම සඳහායි.

ඒ අනුව ප්‍රථමයෙන් ඉල්ලීම් කර තිබුණු සිනමා ශිල්පීන්ගෙන් කොටසකට සිනමා ශිල්පී හැඳුනුම්පත නිකුත් කිරීමට පසුගිය සතිය වන විට කටයුතු යොදා තිබූ බව දන්වන සංස්ථාව ඩොනල්ඩ් සමස්ථ සිනමා ශිල්පින් වෙනුවෙන් කරන ලද ඉල්ලීම පිළිබඳ ස්තුතිය පළ කර සිටී.

එමෙන්ම වසර ගණනාවක සිට සංස්ථාව සිදු කරන මෙම කාර්යය ඉදිරියටත් අඛණ්ඩව සිදු කරන බව එම ලිපියෙන් දන්වා තිබිණි.