වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




අයිශ්ගේ අලුත් පෙම්වතා

අයිශ්ගේ අලුත් පෙම්වතා

අයිශ්වර්යා රායිගේ සම්ප්‍රාප්තිය ගැන කෙතරම් කථා තිබුණ ද සැබෑ පැමිණීමේ කථාව මෙයයි. අයිශ්ගේ පෙම්වතා වීමේ වරම් ලබන්නේ අභිෂේක් බච්චන් නොව ජෝන් ඒබ්‍රහම්ය. ‘ජස්බා’ සිනමාපටයෙන් ඇයගේ දෙවැනි ගමන ඇරඹෙයි.

ජෝන් එහි රඟන්නේ රස්තියාදුකාරයකුගේ චරිතයයි. ඔහු ඈෂ් සමඟ රඟපෑමට කැමැති අතර අධ්‍යක්ෂ සංජේ ගුප්තාට චරිතයට එක පයින්ම මනාපය දී අවසන්ය.

මේ ක්‍රියාදාම සිනමාපටය 2015 ජනවාරි මාසයේ රූගත කිරීම් ඇරැඹීමට නියමිතය.

ජෝන් මේ සම්බන්ධ වෙන්නේ ගුප්තාගේ පස් වැනි සිනමා නිර්මාණයටයි. ඈශ්, ගුප්තාගේ සිනමා නිර්මාණයකට සම්බන්ධ වෙන පළමුවැනි අවස්ථාව මෙයයි.

අයිශ්වර්යා රායි අවසන් වරට රඟපෑවේ වසර 2010 දී සංජේ ලීලා බන්සාලිගේ ‘ගුසාරිෂ්’ සිනමාපටයේයි.