වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




ගොඩ්සිලා ආපසු ඇවිත්

ගොඩ්සිලා ආපසු ඇවිත්

ජුරාසික් පාර්ක් චිත්‍රපට මාලාවේ ඔබ ත්‍රාසයට පත් කළ යෝධ සත්ත්වයා අමතක නොමැති බව නම් සැක නැත.

ඒ ඩයිනසෝර් සත්ත්වයෙකු වූ ටෙරනසෝර් රෙක්ස් හෙවත් ටීරෙක්ස් ඔබට මතකයේ ඇති.

මෙම ටීරෙක්ස් කුරුමිට්ටෙක් බවට පත් කළ දැවැන්තයා හෙවත් ගොඩ්සිලා ද රීදී තිරයේ පෙරළිකාර චරිතයක් බවට පත් විය.

එදා මෙදාතුර චිත්‍රපට ඉතිහාසයේ අති දැවැන්තම සත්ත්වයා ලෙස වාර්තාගත වූයේද මෙම ගොඩ්සිලා ය.

ගොඩ්සිලාගේ උපත සිදු වෙන්නේ ජපානයේදීය.

ගොඩ්සිලා හට එම නම ලබා දී ඇත්තේ ටෝහෝ ආයතනය විසිනි.

ගොඩ්සිලා යන නම ජපන් බසින් භාවිත වෙන්නේ ට්ධණඪපච නමිනි.

Gojira හෙවත් ගෝරිල්ලා සහ Gorira හෙවත් තල්මසා යන නම් එක්ව Kujira නම යෙදී ඇත.

ජලයේ උපත ලද දැවැන්ත සත්ත්වයෙකු යන ජපාන අරුතෙන් යුතුව එය ඉංගී‍්‍රසියේදී Godzilla ලෙසින් හැඳීන්වේ.

කයිජු නම් සත්ත්වයන් ඇතුළත් කතා මාලාවේ එන චරිතයක් වන ගොඩ්සිලා ප්‍රථමයෙන් රිදී තිරයට පැමිණෙන්නේ 1954 වසරේදීය.

ටෝහෝ ආයතනය විසින් එය නිර්මාණය කරන ලදී.

ඉෂිරෝ හොන්ඩා අධ්‍යක්ෂණය කළ එහි අකිර තකරාඩා, ටොමොකො කෝච්, අකිහිතෝ හිරාටා ඇතුළු රංගන ශිල්පීන් රංගනයෙන් දායක වූහ.

එතැන්සිට මේ විශාල සත්ත්වයා චිත්‍රපට පෙළක් සඳහා සිය රංගන දායක වන්නට විය.

ටෝහෝ ආයතනය විසින් 1954 වසරේ සිට 2004 වසර දක්වා ගොඩ්සිලා චිත්‍රපට මාලාවේ චිත්‍රපට 28ක් මේ වන විට නිෂ්පාදනය කර තිබේ.

Godzilla Raids Again මෙහි දෙවැනි චිත්‍රපටය ලෙසින් තිරගත කෙරිණි. ඒ 1955 වසරේදීය.

මොටෝයොෂි ඕඩා අධ්‍යක්ෂණය කළ එය ඩොලර් 800,000ක වියදමක් දරා නිෂ්පාදනය කරන ලදී.

ගොඩ්සිලා චිත්‍රපට මාලාවේ තෙවැන්න තිරගත වෙන්නේ 1956 වසරේදීය. Godzilla, King of the Monsters නම් වූ මෙම චිත්‍රපටය අමෙරිකානු නිෂ්පාදනයක් ලෙසින් තිරයට පැමිණි මුල්ම ගොඩ්සිලා චිත්‍රපටය යි. ing Kong vs. Godzilla (1962), Godzilla 1985, Godzilla (1998) සහ නවතම නිෂ්පාදනය Godzilla (2014) වේ. එසේම ගොඩ්සිලා රූපවාහිනියේද ජනපි‍්‍රය චරිතයක් බවට පත් වූයේය.

ටෝහෝ අයතනය විසින් නිර්මාණය කළ Zone Fighter මෙන්ම හනා බාබ්රා නිෂ්පාදනයක් වූ ට්ධඤලඪතතච කාටුන් මාලාව ද අතිශය ජනපි‍්‍රයත්වයක් ලබා ගත්තේය.

එසේම ලොව දැවැන්ත සතුන් යොදා කළ නිර්මාණ අතර ගොඩ්සිලා චිත්‍රපට මාලාවට හිමි වෙන්නේ සිව්වැනි ස්ථානය යි.

1998 වසරේ අමෙරිකානු නිෂ්පාදනයක් ලෙසින් රෝලන්ඩ් එම්රිච් අධ්‍යක්ෂණය කළ Godzilla චිත්‍රපටය ලොවපුරා කාගේත් කතාබහට ලක් විය.

එහි මැතිව් බ්රෝෂඩ්රි ක්, ජීන් රෙනෝ, මාරියා පිල්ටෝ ඇතුළු පිරිසක් රංගනයෙන් දායක විය.

ඩොලර් මිලියන 130ක පිරිවැයක් දරා නිර්මාණය කළ මෙම චිත්‍රපටය ඩොලර් මිලියන 379ක ආදායමක් වාර්තා කළේය.

දැන් එහි නවතම කතා පුවත රිදි තිරයට නැගී අවසන්ය.

ගී‍්‍රත් එඩ්ව්ර්ඩ්ස් අධ්‍යක්ෂණය කළ එහි ආරන් ටේලර් ජොන්සන්, කේන් වොට්නාබේ, එලිසබෙත් ඔස්ලෙන්, ජුලියෙට් බිනෝෂි ඇතුළු පිරසක් රංගන දායකත්වය ලබා දෙති.

නව චිත්‍රපටයෙන් තිරයට පැමිණි ගොඩ්සිලා 1998 වසරේ දී පැමිණි ගොඩ්සිලාට වඩා දෙගුණයක විශාලත්වයෙන් වේ.

දිග අඩි 350කින් හා අඩි 550ක් දිගැති වල්ගයකින් යුතුව 2014 වසරේ ගොඩ්සිලා වෙනස්ම කතා පුවතක් රැගෙන පැමිණ සිටයි.

මිනත්තු 123ක ධාවන කාලයක් රැගත් මෙම නව චිත්‍රපටය වෝනර් බ්‍රදර්ස් පික්චර්ස් ඉදිරිපත් කිරීමකි.

1954 වසරේදී අමෙරිකාව හයිඩ්රිිජන් බෝම්බයක් පුපුරවා හරින්නේ මුහුදේ සිටන විශාල සත්ත්වයෙකු විනාශ කිරීමේ අරමුණෙනි.

ඊට වසර 45ට පසුව 1999 වසරේදී විනාශ වූ සත්ත්වයෙකුගේ ඇටසැකිල්ලක් පිලිපීනයේ පතලකින් හමු වේ. ඒ සමඟම හමුවන බිත්තර දෙකකින් එකක් බිඳී එහි සිටි පැටවා මුහුද දෙසට ගිය සළකුණු හමුවෙයි.

මේ අතර ජපානයේ න්‍යෂ්ටික බලාගාරයක් ආශි‍්‍රතව වූ භූමිකම්පා පිළිබඳ සෙවීමට එහි ප්‍රධානියාගේ බිරිඳ ඇතුළු කණ්ඩායමක් පිටත් වේ. ඒ සමඟින් බලාගාරය විනාශයට පත් වෙයි.

වසර 15ට පසුව අමෙරිකානු නාවුක හමුදා නිළධාරියෙකු වන න්‍යෂ්ටික බලාගාරයේ ප්‍රධානියාගේ පුතා ජපානයට පැමිණෙන්නේ වසර ගණනක් පුරා මෙම සිදුවීම පිළිබඳ පරීක්ෂණ පවත්වන පියාහට සහයදිමටයි.

එහිදි න්‍යෂ්ටික බලාගාරය පුපුරා යාමට වූ හේතුව සහ මනුෂ්‍ය සංහතියටම විශාල තර්ජනයක් විය හැකි වූ තවත් කරුණක් මේ පිය පුතු විසින් සොයා ගැනීම සමගින් නවතම Godzilla චිත්‍රපටය ලොව පුරා දිග හැරෙයි.