වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




දිලිප්ගේ මහ ගෙදර පාකිස්ථානයේ ජාතික උරුමයක්

දිලිප්ගේ මහ ගෙදර පාකිස්ථානයේ ජාතික උරුමයක්

භාරතයත්, පාකිස්ථානයත් රංගනයෙන් සමාදාන කළ දිලිප් කුමාර්ට භාරත දේශය මෙන්ම පාකිස්ථානයත් එක ලෙස ගෞරව සම්මාන පිරිනැමෙයි. පාකිස්ථානය ඔහුට කළ අලුත්ම ගෞරවය, දිලිප්ගේ මහ ගෙදර ජාතික උරුමයක් බවට පත් කිරීමයි. එහෙත් ඒ ආසන්නයේම ඇති රාජ් කපූර්ගේ නිවෙස නම් තවමත් සාමාන්‍ය නිවෙසකි.