වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




ඩිජිටල් නැතුව චිත්‍රපටය මඟ

ඩිජිටල් නැතුව චිත්‍රපටය මඟ

නිෂ්පාදක, අධ්‍යක්ෂ ප්‍රීතිරාජ් වීරරත්න

මම නිර්මාණය කළ අලුත්ම චිත්‍රපටය ‘රශ්මි’ වැඩ නිම කරලා රූපවාහිනි නාලිකාවකට භාර දුන්නා. ළඟදීම එය විකාශය වේවි කියා බලපොරොත්තු වෙනවා. ඊට අමතරව තවත් චිත්‍රපට තුනකට පිටපත් රචනා කර අවසන්. ඉන් එකකට මගේ පුතා ඉරාජ් සංගීත නිර්මාණ කටයුතු කළා. එහෙත් සිනමා ශාලා ඩිජිටල්කරණය පිළිබඳව වූ තීරණය හේතුවෙන් එම නිර්මාණ තවම ආරම්භ කළේ නැහැ. ඒ හැරුණාම ව්‍යාපාරික කටයුතු සමඟත් ටිකක් කාර්යබහුලයි.