වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




සංගීත චිකිත්සාවට මුල පුරමින් කීර්ති එකෝස්ටිකා යළිත් විසිවැනි දා

සංගීත චිකිත්සාවට මුල පුරමින් කීර්ති එකෝස්ටිකා යළිත් විසිවැනි දා

ප්‍රවීණ ගායක කීර්ති පැස්කුවල්ගේ ඒක පුද්ගල ගී ප්‍රසංගය ‘කීර්ති එකෝස්ටිකා’ දෙවන වරටත් මෙම මස 20 වැනිදා සවස බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙයි. කීර්තිගේ ජනපි‍්‍රය ගීත විසිහයකින් සමන්විත මෙහි වාද්‍ය වෘන්දය මෙහෙයවීම සරත් ද අල්විස්, මහින්ද බණ්ඩාර සහ මහේෂ් දෙනිපිටිය ගෙනි.

මෙය අතරතුර දී කීර්ති ගේ නවතම ගීත යුගලක් ද එළිදක්වනු ඇත. කීර්ති එකෝස්ටිකා හුදෙක්ම ඒක පුද්ගල ගී ප්‍රසංගයක් නොවේ. කීර්ති ඉදිරියේ් දී ආරම්භ කිරීමට නියමිත විවිධ රෝගාබාධයන්ට ලක්වූවන්ට සංගීත චිකිත්සාව හි (මියුසික් තෙරපි) මූලික අදියර මෙම ප්‍රසංගය සමඟ දියත් කෙරෙනු ඇත.