වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




කලා පුනරුදය ජීවන්ගේ ප්‍රධානත්වයෙන්

කලා පුනරුදය ජීවන්ගේ ප්‍රධානත්වයෙන්

සිංහල සංස්කෘතික ආයතනය එනම් ‘සුදර්ශිය’ හැටවන සංවත්සරයට සමගාමීව ආරම්භ කළ කොළොම්තොට කලා පුනරුද වැඩසටහනෙහි සම්මාන ප්‍රදානෝත්සවය මෙම මස 27 වැනිදා සවස මහරගම යොවුන් රඟහලේදී පැවැත්වේ.

මෙම වැඩසටහනෙහි නිර්මාතෘ සුදර්ශී ආයතනයේ සභාපති ජීවන් කුමාරතුංග ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන් රැසක් මේ අවස්ථාව සඳහා සහභාගිවීමට නියමිතය. මේ වනවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක වන කොළොම්තොට කලා පුනරුදය කලාකාමී නිර්මාණශීලී තරුණ පිරිසගේ කලා හැකියාව වර්ධනය කිරීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මකවේ.