වර්ෂ 2014 ක්වූ ජුනි 05 වැනිදා බ්‍රහස්පතින්දා




උදයකාන්තගේ අලුත් තරුව කවුද?

උදයකාන්තගේ අලුත් තරුව කවුද?

උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කිරීමට නියමිත සිය 19 වැනි සිනමා සිතුවමේ ප්‍රධාන චරිතය භාර දෙමින් නවක රගන ශිල්පිණියක් සිංහල සිනමාවට හඳුන්වා දීමට ඔහු අදහස් කරයි.

මේ සදහා වයස අවුරුදු 18 – 28 අතර උස අඩි 5.4 වැඩි රූමත් අයකු සුදුසු බව ඔහු වැඩිදුරටත් දන්වා සිටියි. එමෙන්ම ඇය සතු රංගන හැකියාව ද විශේෂයෙන් සලකා බලනු ලැබේ.

මේ සඳහා ඉදිරිපත් වන අය ළඟදී ගත් වර්ණ සේයාරුවක් සමඟ සියලු විස්තර ඇතුළත් කළ අයැදුම්පතක් සන්ෆ්ලවර් ෆිල්ම්ස්, අංක 160/29, පූර්වාරාම පාර, කිරුළපන, කොළඹ 05 ලිපිනයට තැපෑලෙන් හෝ [email protected] විද්‍යුත් ලිපිනයට එවන මෙන් උදයකාන්ත දන්වා සිටියි. උදයකාන්ත වර්ණසූරිය මීට ප්‍රථම සිනමා නිර්මාණයන් සමඟින් නවක නළු නිළියක් රැසක් හඳුන්වා දුන් අතර ඔවුන් අද වන විට ඉමහත් ජනප්‍රියතාවයට පත්ව ඇත. මේ දිනවල අති සාර්ථකව තිරගත වන කොස්තාපල් පුඤ්ඤාසෝම උදයකාන්තගේ අධ්‍යක්ෂණයකි.