වර්ෂ 2014 ක්වූ ජුනි 05 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය 158

සිංහල සිනමා විස්තරය 158

යුගයෙන් යුගයට

තිරගත වූ දිනය – 1987 ජනවාරි 23
නිෂ්පාදනය සහ කතාව - පද්මසිරි කොඩිකාර
තිර නාටකය, කැමරාකරණය සහ අධ්‍යක්ෂණය - ලෙනින් මොරායස්
දෙබස් රචනය – ආරියරත්න කහවිට
සහාය අධ්‍යකෂණය - ලෝරන්ස් කුරේ
කැමරා සහාය – එම්. ඩී. ඇන්ටනි
සංස්කරණය - සෙක්ස්ටස් අපෝන්සු
සංස්කරණ සහාය – ගාමිණී ජයමාන්න
අංග රචනය – ඩී. ඩී. ඇන්ටනි
සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
ශබ්ද පරිපාලනය – එස්. සාරංගරාජා
ශබ්ද සහාය - මෙන්ඩිස් වීරසිංහ, ආනන්ද අමරසිංහ
ගීත පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග
රසායනාගාර පාලක – එස්. තිරනාවුකරසු
රසායනාගාර සහාය – වී. සිවදාසන්, එම්. රාමචන්ද්‍රන්, එස්. රාජා, එම්. ඩේවිඩ්සන්, ආර්. ජෝන්
විදුල ආලෝකය සැපයීම – එස්. ඒ. හේමපාල, ආර්. එල්මෝ, ජේ. රංජිත්, ප්‍රෑන්සිස් රූප්
සැකසුම – විජය චිත්‍රාගාරය, හැඳල
නාමාවලිය සහ ප්‍රචාරක කටයුතු - සිරිනාථ වික්‍රමසිංහ
නිෂ්පාදන කළනාකරු - ධර්මකීර්ති සිසිර කුමාර
නිශ්චල ඡායාරූප – එස්. සිවසුබ්‍රමනියම්
සංගීත අධ්‍යක්ෂණය – ටී. එෆ්. ලතීප්
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, ආචාර්ය අජන්තා රණසිංහ, ආනන්ද පද්මසිරි (පළමු චිත්‍රපට ගීත ප්‍රබන්ධය)

ගීත: මිනිසා වනසන්න උපන් - එච්. ආර්. ජෝතිපාල
වනමල් සුවඳ උරා - ලතා වල්පොල (මෙම ගීතය අවස්ථා දෙකකදී ගැයේ)
එක බැල්මට හෙලනා - එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල
මගේ නින්දෙදි කවුදෝ - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
අපේ ආදරයේ රස ගීතිකා - එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල (ගී පද රචනය- ආනන්ද පද්මසිරි)

රංගනය – විජය කුමාරණතුංග, නදීකා ගුණසේකර, ස්වර්ණා මල්ලවආරච්චි, ශිරාණි නුගේරා, තලතා ගුණසේකර, පර්ල් වාසුදේවි, මියුරි සමරසිංහ, මර්වින් ජයතුංග, සොමී රත්නායක, ෆෙ‍්‍රඩී සිල්වා, ජයසේකර අපොන්සු, රංජිත් සුරංග, හර්බට් අමරවික්‍රම, ශාන්ති ලේඛා, උදය කුමාරි, බර්ටි මහින්ද, ටෙඩී විද්‍යාලංකාර, ටිරෝන් මයිකල්

හිත හොඳ චණ්ඩියා

තිරගත වූ දිනය – 1987 ජනවාරි 30
ඉදිරිපත් කිරීම – එස්. ජේ. චිත්‍රපට
නිෂ්පාදනය – ජීවන් කුමාරතුංග
කතාව, දෙබස්, තිර නාටකය සම අධ්‍යක්ෂණය – රංජිත් සිරිවර්ධන
සහාය අධ්‍යක්ෂණය – ලයනල් පඬුවාවල
කැමරා අධ්‍යක්ෂණය - ජේ. ජේ. යෝගරාජා
කැමරා සහාය – බන්දුල කුරේ, ජෝර්ජ් ජයකොඩි, ඒ. ඩී. ප්‍රේමදාස, ස්ටැන්ලි, මාටින්
කැමරා උපකරණ – වාසනා
චිත්‍රපට සංස්කරණය - කාලිංග ද සිල්වා, කුමාරසිරි ද සිල්වා
අංග රචනය - බෙනට් ජයතුංග, ඩබ්ලිව්. සෙල්වරාජා
කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
ශබ්ද සහාය - උපාලි අරම්පොල, ඩී. එච්. ඒ. ජයමාන්න, ඩබ්ලිව්. ඊ. ඒ. අල්විස්
රසායනාගාර පාලක - ජෙරල්ඩ් ජයවර්ධන
රසායනාගර සහාය - කේ. එම්. ජයවර්ධන, සිරිපාල ගමගේ, එම්. සී. පෙරේරා, තිලක් ෆොන්සේකා, ශාන්තා අත්තනායක
සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් - නෙළු ශබ්දාගාරය
නාමාවලිය - ලක්ෂ්මන් ගුරුසිංහ
නිෂ්පාදන කළමනාකරණය - සනී මයිකල් සහාය චන්ද්‍රදාස
නිශ්චල ඡායාරූප – නලින් කන්නංගර
සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස්
ගීත ප්‍රබන්ධනය – බණ්ඩාර කේ. විජයතුංග, හර්බට් රංජිත් පීරිස්, සෝමපාල ලීලානන්ද, ආනන්ද එස්. විජේසිරි
ගීත - සහෝ මේ පාරම් යාළුකමටයි – එච්. ආර්. ජෝතිපාල, ෆෙ‍්‍රඩී සිල්වා
නීල අහසේ දිලි තාරකාවෝ - විජය කුමාරණතුංග, ලතා වල්පොල
වන බඹරෝ ගුම් දී රඟනා - චන්ද්‍රලේඛා පෙරේරා
සබයෙන් මට අවසර දැන් - ෆෙ‍්‍රඩී සිල්වා

රංගනය – ජීවන් කුමාරතුංග, සබීතා පෙරේරා, අනෝජා වීරසිංහ, ශ්‍රියානි අමරසේන, මර්වින් ජයතුංග, නීල් අලස්, නිහාල් සිල්වා, ෆෙ‍්‍රඩී සිල්වා, ටෙනිසන් කුරේ, ඇන්තනි සී. පෙරේරා, ක්ලීටස් මෙන්ඩිස්, සමන්ති ලැනරෝල්, පර්ල් වාසදේවි, චිත්‍රා වාකිස්ට, රෙක්ස් කොඩිප්පිලි, ටෙඩී විද්‍යාංලකාර, ටිරෝන් මයිකල්, ප්‍රේමසිරි කල්පගේ, සෙනරත් මාපිටිගම, සෝනියා දිසානායක, සිසිර කුමාරතුංග, ශ්‍රීනාත් මල්දෙනිය, දයානන්ද ජයවර්ධන, ජයලත් මනෝරත්න, පියතිලක අතපත්තු, සුසිලා කූරගම, අර්නස්ට් සොයිසා, ධර්මසේන නානායක්කාර

විශේෂතා - 1988 පැවති 16 වන සරසවිය සම්මාන උළෙලේ පාඨක ඡන්දයෙන් තෝරන ලද ජනප්‍රිය චිත්‍රපට හත අතර ඡන්ද 3410 ක් ලබා ගනිමින් පස්වන ස්ථානයට පත් විය.