වර්ෂ 2014 ක්වූ ජුනි 05 වැනිදා බ්‍රහස්පතින්දා




ඇහැළේපොළ කුමාරිහාමි පූර්ව ප්‍රචාර පටයට ඉහළ ප්‍රතිචාර

ඇහැළේපොළ කුමාරිහාමි පූර්ව ප්‍රචාර පටයට ඉහළ ප්‍රතිචාර

1814 වසරේ දී කන්ද උඩරට ලෙයින් සහ කඳුළින් තෙත් කළ ශෝකාන්ත වීර කතාව ‘ඇහැළේපොළ කුමාරිහාමි’ මේ වනවිට චිත්‍රපටයක් ලෙස ප්‍රතිනිර්මාණය වී තිබේ. සුගත් සමරකෝන් ගේ තිර රචනයෙන් සහ අධ්‍යක්‍ෂණයෙන් හැඩවන ඇහැළේපොළ කුමාරිහාමි ගයාන් රණධීර ගේ නිෂ්පාදනයකි.

අගෝස්තු මාසයේදී දිවයින පුරා තිරගත වීමට නියමිත ඇහැළේපොළ කුමාරිහාමි හි පූර්ව ප්‍රචාරක පටය මේ දිනවල සිනමාහල්වල ප්‍රචාරය කෙරේ. එම පූර්ව ප්‍රචාරක පටය සඳහා මේ වනවිට ඉහළ රසික පැසසුම් ලැබෙමින් පවතී.

දුලානි අනුරාධා ඇහැළේපොළ කුමාරිහාමි ලෙස රඟන මේ දැවැන්ත නිර්මාණයේ ජැක්සන් ඇන්තනි, ලකී ඩයස්, ක්ලීටස් මෙන්ඩිස්, විල්සන් කරුණාරත්න, විශාඛා සිරිවර්ධන, නදීකා ගුණසේකර, අනුර ධර්ම සිරිවර්ධන, ගිරිරාජ් කෞෂල්‍ය ඇතුළු ලංකාවේ මෙන්ම විදේශීය සුපිරි නළු නිළි පිරිසක් රංගනයෙන් දායක වෙති.