වර්ෂ 2014 ක්වූ ජුනි 05 වැනිදා බ්‍රහස්පතින්දා




සල්මන් – කත්‍රිනා නැවත එක් වේ

සල්මන් – කත්‍රිනා නැවත එක් වේ

සල්මන්, කත්‍රිනා කායිෆ් ආදර කථාව ඉතිහාසයට එක් වුණ ද, ඒ ඉතිහාසයේ ජීවත් වන්නට රසිකයන් ඉතා කැමැතිය. දෙදෙනා විරසක වීමෙන් පසු නිපදවුණු ‘ඒක් තා ටයිගර්’ අති සාර්ථකත්වයේ රහසත් එයයි. මේ නිසාමදෝ සජීඩ් නදියද්වාලා ‘කික්’ සිනමාපටයට කත්‍රිනා හා සල්මන්ගේ විශේෂ නර්තන අංගයක් එක් කිරීමට බලාපොරොත්තු වෙයි.

කත්‍රිනා තම මනාපය ඊට දී අවසන්ය. සිනමාපටය ප්‍රවර්ධනය කිරීමේදී ද මේ ගීතය යොදා ගැනීමට සජීඩ් බලාපොරොත්තු වෙයි. ‘කික්’ සිනමාපටයේ සල්මන්ගේ පෙම්වතිය ලෙස රඟන්නේ අපේ ජැකලින් ෆර්නැන්ඩස්ය.

ජැකලින් මෑතකදී ඉන්දියාවේ වඩාත් සිත් ගත් තාරකාවන් අතර තෙවැන්නිය ලෙස රසික මනාපය දිනා ගත්තාය. මනාපය නිසා ඇය වඩාත් දිරිමත් වී සිටින්නීය. ‘කික්’ට පසු ජැකී, රන්බීර් කපූර් සමඟ රඟන ‘රෝයි’ තිරගත වීමට නියමිතය.