වර්ෂ 2014 ක්වූ ජුනි 05 වැනිදා බ්‍රහස්පතින්දා




බුද්ධ මන්දිරයට ආධාර පිණිස බොදු ගී ගඟුල රුවන්වැලි සෑය අබියස දී

බුද්ධ මන්දිරයට ආධාර පිණිස බොදු ගී ගඟුල රුවන්වැලි සෑය අබියස දී

ප්‍රේමචන්ද්‍ර ලංකා තිලකගේ සංගීත නිර්මාණයෙන් හැඩ වූ ‘බොදු ගී ගඟුල’ සංයුක්ත තැටිය හා බැති ගී ප්‍රසංගය රුවැන්වැලි චෛත්‍යාරාමාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝ නායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ලබන 11 වැනිදා රුවන්වැලි සෑය අබියස දී දොරට වඩී.

පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව සූරීන් ප්‍රමුඛ ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් මේ සඳහා ගායනයෙන් දායක වී ඇත. සංගීතය මෙහෙය වීම පි‍්‍රයන්ත ගමගේ ප්‍රමුඛ වාද්‍ය වෘන්දයෙන් වන අතර කථනය වසන්ත රෝහණ සමඟින් කෞෂල්‍යා රණසිංහ ගෙනි. ශ්‍රී රන්මුතු විහාර සංවර්ධන පදනම මඟින් කටුකැලියාව නවෝදාගම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන බුද්ධ මන්දිරයට ආධාර පිණිස ‘බොදු ගී ගඟුල’ බැති ගීතාවලිය එළි දකී.

මිහිඳුකුලට නළු-නිළියන්

ඇන්ටන් මිහිඳුකුලගේ ‘මෝචරිය’ හා ‘රකුස් දමනය’ වේදිකා නාට්‍ය නිර්මාණ සඳහා ආධුනික නළු – නිළියන්, ළමා නළු – නිළියන් බඳවා ගැනේ. එහිදි තෝරා ගන්නා අය වෙනුවෙන් නොමිලේ රංග කලා පාඨමාලාවක් ද පැවැත්වීමට නියමිතය. මීට අයැදුම් කරන යම් අයෙක් වේ නම් තම අයැදුම් පත් නිර්මාණ අධ්‍යක්ෂ, 4/2, විජය පාර, 3 කුරණ, මීගමුව යන ලිපිනයට එවන්න. නැතිනම් 072 – 4273226 යන දුරකථන අංකයෙන් විමසන්න.