වර්ෂ 2014 ක්වූ ජුනි 05 වැනිදා බ්‍රහස්පතින්දා




Facebook

අසන – දකින දේ ගැන - කියන කරන දේ ගැන ප්‍රතිචාර - තැපැල්පත් මඟින් - ප්‍රතිචාර, ලේක්හවුස්, කොළඹ

එසැනින් - SMS 0752805047
Sarasaviya – Facebook
www.sarasaviya.lk

උරේෂා ආලෝකයක්

අතිශය මියුරු හඬින් ශ්‍රාවක සවන්පත් සනහාලූ උරේෂා රවිහාරි තෙවරක්ම සරසවිය සම්මානයෙන් පිදුම් ලද සිනමා පසුබිම් ගායිකාවකි. පායනා ඉර, සමනල් හැ¼ගුමන් වැනි ගීත තුළින් සිය හැකියාවන් ඔප මටටම් කළ ඇය වර්තමානයේ වැඩිම ටෙලි නාට්‍ය ප්‍රමාණයක ගී ගයමින් රූපවාහිනියට ද ආලෝකයක් ගෙනෙන්නීය.

සුනිල් විජේසිංහ

මතුගම

හදවත් ලස්සන නළු නිළියන් අද නැත

හැත්තෑව අසූව දශකය තරම් සිංහල සිනමාවේ සුන්දර යුගයක් තවත් නැති තරම්ය. රසිකයන් නළු නිළියන්ට ආදරය කළ නළු නිළියන් රසිකයන්ට ළෙංගතු වුණ ඒ මල් මතකය අද සුන්දරතම සිහිනයක් පමණි. කනිෂ්ඨ පාසල් සිසුවකු වූ මා ඒ කාලයේ විජය කුමාරණතුංගයන්, රෝයි, සුමනා, සෝනියා, ස්වර්ණා කහවිට, විමලා ජයවර්ධන, ගාමිණී ෆොන්සේකා, ඔස්වල්ඩ් ජයසිංහ, නන්දා මාලිනී ඇතුළු කලාකරුවන්ට මා යැවූ ලිපිවලට ඔවුන් එවූ ප්‍රති ලියමන් සහ ඡායාරූප අද ද සුරැකිව තියා සිටියි. ඒ එදාය. අද හාත්පසින්ම වෙනස්ය. අද තාක්ෂණය අතින් දියුණු යුගයක ලිපි හුවමාරුවට වඩා සන්නිවේදන මාධ්‍යයක් වනුයේ දුරකතනය වේ. වත්මන් සමහර නළු නිළියන්ට දුරකතන ඇමතුමක් දුන්නත් රසික අපට පිළිවදනක් දෙන්නේවත් නැත. එවන් විටදී රසිකයන් නළු නිළියන්ව ප්‍රතික්ෂේප කිරීම අරුමයක් නොවේ. විජය, ඔස්වල්ඩ් අප ගමෙහි හෝ ඊට ආසන්න පෙදෙසක රූගත කිරීමකට පැමිණියහොත් මා සොයා ආ අන්දම මට මතකය. අද එවන් හදවත ලස්සන රසිකයන්ට ආදරය කරන නළු නිළියන් නැත.
 

කරු මන්දාවල

නාත්තන්ඩිය

සේතං රාළහාමි අගය කරමු

පබසරා ටෙලි සිතුවමේ සේතං රාළහාමිගේ චරිතයට පණ පෙවූ ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ රංගනය අපි හැමෝම අගය කොට සැලකිය යුතුය.

සරත් රණසිංහ

කපුගොඩ

මාළිඳ

චායා බලන්න ආසයි

සිරස නාලිකාව මඟින් විකාශය වූ චායා ටෙලි සිතුවම බලන්න බලන්න ආසයි.

වියානි ගුණවර්ධන

ශීලා වැන්ඩර්ලන්

නිලන්ත වයානි ගුණවර්ධන

වෙන්නප්පුව

හොඳ සිතුවමකට අගෙයි

හොඳ සිතුවම් පටයක් එනතුරු බලා හිඳ
එය රස විඳින්නට යමි මම තව නොයිඳ
ළඟදීම එළිදකින මහරජ ගැමුණු හොඳ
සිතුවමකි සිත්තමක් බව හද අමතන නිබඳ
 

මළිඳු කාවින්ද කුමාරසිංහ

ආනන්ද විද්‍යාලය

කොළඹ

සෝමෙ මාමාට රේණු නැන්දට

සෝමෙ මාමෙ, රේණු නැන්දෙ, සමනල තටු, සිරි පැරකුම්, සූරිය අරණ වැනි ලස්සන චිත්‍රපට අප වගේ පුංචි අයට බලන්න නැවත හදන්න හොඳේ.
 

අක්ෂි රාජපක්ෂ

ටෙෂුකි ගුණසේකර

රියෝන් ගුණසේකර

මහවැව

සූරියභානු සමඟ ජීවන්

ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු නිෂ්පාදනය කළ අනුර මාධව ජයසේකරගේ අධ්‍යක්ෂණයෙන් යුතු සූරියභානු ටෙලි සිතුවමට අප සිනමා නළු ජීවන් කුමාරතුංගව ප්‍රධාන චරිතයට ඉදිරිපත් කර තිබීම ප්‍රේක්ෂකයින්ගේ අවධානය යොමුවන කරුණකි. එමෙන්ම එය රහස් පරීක්ෂක කතාවක් වීම ද සතුටුදායකය.
 

තිලකරත්න විල්වල

කෑගල්ල

මුදිතට ශක්තිය

සිරස සුපිරි තරු සොයා යෑමේ හය වන අදියරෙහි සිටින හොරණ මුදිත ජයකොඩිට ඉදිරියට යාමට ශක්තිය ධෛර්ය පතමි.

සුනිල් බී. වේහැල්ල

ගෝනපොළ

ටෝනිගේ ප්‍රකාශයට තුති

ටෝනි රණසිංහයන් ‘සරසවිය’ හි පලවුණ පුදුම හත ලිපියට එක් වී ප්‍රකාශ කළ අදහස් කියවීමන් පසු මට මෙලෙස සිතින. පළමු කොට පැරැණි ප්‍රවීණ, ජනප්‍රිය රංගන ශිල්පී ශිල්පිණියන් හත් දෙනෙකුගේ අතීත තොරතුරු සනිටුහන් කිරීම පිළිබඳ මාගේ ස්තුතිය පිරිනමමි. ඉන් සුවිශේෂී වන්නේ ඩී. ආර්. නානායක්කාර රංගන ශිල්පියා පිළිබඳව පළ කළ තොරතුරු අතර ඔහුගේ නමෙහි මුල යෙදෙන ඩී. ආර්. යන්නෙහි අර්ථය පැහැදිලි කර තිබීමයි. එය තමා සොයා ගත් අන්දමත් ටෝනි විසින් එහි සඳහන් කර තිබීම අගය කළ යුතුය. ඩී. ආර්. ගේ රංගන ප්‍රතිභාව අප දැක ඇතත් ඔහු රසික රසිකාවන් අතර කොතරම් ජනප්‍රිය වී සිටියත් ඩී. ආර්. යන අකුරු දෙකේ අර්ථය නම් කිසිම කෙනෙකු දැන නොසිටි බව පැහැදිලි සත්‍යයකි.

ටෝනි පමණක් දැන සිටි එම අභිරහස ඔහුම අප වෙත හෙළි කරදීම පිළිබඳව රසික අපගේ ගෞරවය සහ ප්‍රසාදය ඔහුට හිමි විය යුතුය. එසේම මෙවැනි නම් සහිත කලා ශිල්පීන් බොහෝ දෙනෙකු එකල කලා ක්ෂේත්‍රය තුළ සිටි අතර ඒ කෙටි නාම ගැන ඔබ අපව දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමි. එල්. එම්. පෙරේරා, එම්. එස්. ප්‍රනාන්දු, සී. ටී. ප්‍රනාන්දු, ඩී. ඩී. ඩැනී ඉන් කිහිපයකි.
 

විමල් රණසිංහ

ග්‍රෑන්ඩ්පාස්

 

S.M.S

ලෙනින් මොරායස් අමරණීයයි

අප සිනමාවේ සිටි විශිෂ්ඨ අධ්‍යක්ෂවරයකු මෙන්ම කැමරා ශිල්පියකු වන ලෙනින් මොරායස් සිංහල සිනමාව පවතින තාක් කල් අමරණීය චරිතයක් යැයි මට සිතේ.

අතුල රම්‍යසිරි

පානදුර

රටම හිනැස්සූ බර්ටි

රටම මිනැස්සූ, අපව පින වූ, බර්ටි ගුණතිලකයන්ට දීර්ඝායුෂ පතමි. ඔහු පිළිබඳව ජාතික රූපවාහිනියේ විකාශය වූ ආලකමන්දාව නැරැඹුවා නොව වින්ඳෙමි.

මාධව හෙට්ටිආරච්චි

බලංගොඩ

මෙරට කලා ක්ෂේත්‍රයේ දක්ෂ සටන් නළුවකු වන සේනක විජේසිංහට මං කියන්නේ චිත්‍රපටයකින් හෝ අප හමුවට එන්න කියලයි. දිගුª කාලයකින් මා ඔබව දුටුවේ නැහැ.

නලී රූපසිංහ

වැල්ලම්පිටිය

සිරස සුපර් ස්ටාර් තරගයෙන් හර්ෂ චතුරංග ඉවත් වීම දුකයි. කොහොම වුනත් මල්ලියෝ ඔයා වයිල්ඩ් කාඩ් වටයෙන් ඉදිරියට ගිය අයට වඩා මට දැනෙන විදිහට ඉතාම දක්ෂයි. ඔයා සිරසත් එක්කම ඉදිරියටම යන්න. ඔබට හොඳ අනාගතයක් තියෙනවා.

ෆාතිමා

වැලිගම

දැන් තිරගත වන බෞද්ධ චිත්‍රපට නිසා රටේ බෞද්ධ පුනරුදයක් ඇති වී තිබෙන බව මට පෙනෙනවා. ඒ වගේම ඒවා නැරැඹූ මට ඇති වූ බුද්ධාලම්භන ප්‍රීතිය ඉමහත්ය. ඒවා නිෂ්පාදනය කරන නිෂ්පාදකවරු මෙන්ම අධ්‍යක්ෂවරුන්ට මාගේ ප්‍රණාමය පිරිනමමි.

ගීතාංජන ජයසිංහ

ධර්මරාජගම

කුලියාපිටිය

හායි පූජා අක්කේ,

මගේ ජීවිතයේ කවදාවත්ම අමතක නොවන දවසක් තමයි මැයි 06 වැනිදා. මොකද දන්නවද හේතුව, එදා මම සහභාගි වුණා ස්ටාර් ෆෙ‍්‍රන්ඩ්ස් වැඩසටහනට. ඔයයි ප්‍රධාන අමුත්තිය විදිහට ආවේ. මම ඇතුළු ස්ටාර් ෆෙ‍්‍රන්ඩ්ස්ලා ටික ඔබත් එක්ක කතා කර කර හොඳට විනෝද වුණා. එදා ඔබ පෑව නිහතමානීකම අපේ අනෙකුත් කලාකරුවන්ට මහත් ආදර්ශයක්. අපි හැමෝම පූජා අක්කට ගොඩක් ආදරෙයි.

නිලූ

දෙහිවල

මේ දවස්වල විකාශය වන පුංචි වලව්ව ටෙලි සිතුවමේ දුලීකා මාරපන රංගනයේ යෙදෙන අයුරු නවක රංගන ශිල්පියකු හෝ ශිල්පිණියක් බලා සිටියා නම් ඔහුට හෝ ඇයට රංගනය ගැන බොහෝ දේවල් උගත හැකිය.

වෙනුර

මාතර

මා සිතන හැටියට නව පරපුරේ රංගන ශිල්පී කලණ ගුණසේකරව වඩාත් ජනප්‍රිය වුණේ ගිනි අවි සහ ගිනි කෙළි නාට්‍යයයෙන්. ඔහු එහි සුනිල්ගේ චරිතයට මනාව පණ පොවනවා. අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස්ගේ තේරීම නම් හරියටම හරි.

කේ. ඒ. ඩී. නාමල්

අකුරැස්ස

විපුල්ගේ හඬ තියෙනවා

විපුල් ධර්මප්‍රියගේ අකල් වියෝව සදා ලතැවිල්ලක් වීම කෙසේ නම් වලකම්ද, උතුම් ගතිගුණ ඇති මිතුරාණෙනි, යළිත් අප අතර ඉපිද ඔබේ සුමධුර හඬින් සහ පන්හිඳින් පෙරහර පානු මැනවි.

හර්ෂනාථ බණ්ඩාර

නිකවැරටිය