වර්ෂ 2014 ක්වූ ජුනි 05 වැනිදා බ්‍රහස්පතින්දා




මෙන්න දෙරණ Music Awards

මෙන්න දෙරණ Music Awards

පසුගිය සිකුරාදා රාත්‍රිය නිමාව දුටුවේ මෙරට රූප රචනා කලාව වෙනුවෙන් පවත්වනු ලබන ප්‍රථම සහ එකම සම්මාන උළෙලේ විචිත්‍රත්වය විදහාපාමිනි. සැබවින්ම ඒ නිශාන්තය අප රටේ තාරුණ්‍යය නියෝජනය කරමින් රූප රචනා එහෙමත් නැත්නම් මියුසික් වීඩියෝස් නිර්මාණකරුවන්ට වෙන් වී තිබුණා යැයි කිව්වොත් නිවැරිදිය. දෙරණ නාලිකාව මඟින් වසරක් පාසා පවත්වනු ලබන මෙම විචිත්‍රවත් සම්මාන උළෙල මෙවර දිග හැරුණේ වස්කඩුව සීට්‍රිස් හිදීය. එහිදී අප නෙත නිතර ගැටුණ ජනප්‍රියතම මියුසික් වීඩියෝස් රැසක් සම්මානයට පාත්‍ර විය. එහි සම්මාන දිනුවන්ගේ නාම ලේඛනය මෙසේය.

හොඳම රූප රචනය: තිසර වීරසිංහ (සීතල)

හොඳම රූප රචනා අධ්‍යක්ෂණය: ප්‍රසාද් අලුත්වත්ත (සීතල)

හොඳම රූප රචනා තිර පිටපත: ලහිරු මැදිවිලගේ (කළු මොනර)

ජනප්‍රියතම රූප රචනය: රන් සම්මානය - රැවටුණ තරම් (රුවන් හෙට්ටිආරච්චි)

රිදි සම්මානය – ලා සිඥ්ඥෝ (ලහිරු පෙරේරා)

ලෝකඩ සම්මානය –  හිත හදාගන්න බැහැ (චාමික සිරිමාන්න)

හොඳම Hot and Spicy රූප රචනය - ඔයාටයි මං ආදරේ (දිළුමි සහ සමීර)

Ponds Face of the Year

ශෂී ඇන්ජලීනා (සිත මගෙ රිදුනා ගීතයෙහි රංගනය)

දෙරණ වෙබ් පිටුව හරහා වැඩිම මනාප ගත් රූප රචනය: බස් එකේ (ෆන්කි ඩර්ටි)

හොඳම කලා අධ්‍යක්ෂණය: බිමල් දුෂ්මන්ත සහ මධුරංග රොෂාන්(මල් මන්ද හාසේ)

හොඳම කැමරාකරණය: ප්‍රසාද් අලුත්වත්ත (සීතල)

ජාත්‍යන්තරය වෙනුවෙන් නිර්මාණය කළ හොඳම රූප රචනය: මගුඩි (දිනේෂ් කනගරත්නම්, සංගීතය ඒ. ආර්. රහ්මන්)

හොඳම නවක නැගී එන ගායකයා: ලහිරු මැදිවිල (කළු මොනර)

හොඳම රංගනය: ලහිරු පෙරේරා (ලා සිඥ්ඥෝ)

හොඳම රැප් ඉදිරිපත් කිරීම: ස්පයික් (ග්‍රාස් රෝඩ්)

හොඳම ශ්‍රී ලාකේය දමිල ගීතය: ගුඩි (දිනේෂ් කනගරත්නම්)

වැඳුම් වැඳුම් (ක්‍රිෂාන් සහ කීර්තන)

හොඳම සම්ප්‍රදායිත නොවන රූප රචනය: සාමාන්‍ය ජනතාව (අමිල සඳරුවන්)

හොඳම රෙගේ ගීතය: මොට්ටු (ලහිරු පෙරේරා)

හොඳම හිප් පොප් රූප රචනය: අත මිට කාසි (හර්ෂ, කයිසීර්, ඉරාජ් සහ පේෂල)

හොඳම පොප් වීඩියෝව: මල් මන්ද හාසේ (රන්ධීර්, භාතිය සහ උමාරියා)

හොඳම සංස්කරණය: ප්‍රසාද් අලුත්වත්ත (සීතල)

හොඳම දෘෂ්‍ය ප්‍රයෝග: ඉන්දික වික්‍රමරත්න (කලාවේ හැටි)

ජූරියේ විශේෂ සම්මාන: උමාරියා සිංහවංශ (මල් මන්ද හාසේ)

අමිල සඳරුවන් (ගර්ල්ස්)