වර්ෂ 2014 ක්වූ ජුනි 05 වැනිදා බ්‍රහස්පතින්දා




ඔන්න දෝන කතිරිනාත් තිරයට

ඔන්න දෝන කතිරිනාත් තිරයට

මේ දිනවල වැඩි වශයෙන්ම ටෙලි, සිනමා නිර්මාණ තැනෙනුයේ ඓතිහාසික පුරාවෘත්ත සහ ඒ හා සබැඳි චරිත ඇසුරිනි. අප නිර්මාණකරුවන් එවන් වූ නිර්මාණයන් සඳහා උනන්දු වනුයේ ඒවාට ප්‍රේක්ෂකයින්ගේ ඇති වැඩි කැමැත්ත නිසා විය හැකිය. එවැනි නිර්මාණයක් සඳහා තෝරා ගත් අලුත්ම චරිතය වනුයේ දෝන කතිරිනාය. ඇගේ ජීවිත කතාවෙහි රසමුසු තැන් අළලා ටෙලි සිතුවමක් නිර්මාණය කිරීම මේ දිනවල සිදු වෙයි. ඒ ගිහාන් රෝහණගේ අධ්‍යක්ෂණය යටතේයි.

කේ. බී. හේරත් දෝන කතිරිනා ටෙලි සිතුවමෙහි පිටපත රචනා කරනු ලබයි. දෝන කතිරිනා ගේ චරිතයට පණ පෙවීමට නියමිතව ඇත්තේ නවක නිළියකි. ඒ කවුදැයි තවම හෙළි කෙට නැත. ළඟදීම රූගත කිරීමට සූදානම්ව ඇති දෝන කතිරිකා අජානි පෙරේරාගේ නිෂ්පාදනයකි.