වර්ෂ 2014 ක්වූ ජුනි 05 වැනිදා බ්‍රහස්පතින්දා




කිරි දියෙහි දෙවියත් සමක් සුදු වන කලක් . . .

කිරි දියෙහි දෙවියත් සමක් සුදු වන කලක් . . .

දිව්‍යාංගනාවන් පවා පරද්දන සුදෝ සුදු තාරකාවන් බොලිවුඩයේ ඕනෑ තරම්ය. එහෙත් ඒ සුදු ඔවුන් වැඩි දෙනකුට ලැබී තිබෙන්නේ උපතින් නම් නොවෙයි. රූපලාවණ්‍ය විශේෂඥවරුන්ට පින් සිදු වන්නටය. ඒ තරු අතර ඔබට සිතාගත නොහැකි සුපිරි තාරකාවන් රාශියක් සිටිති.

කාජල් මෑතකදී සුදු පැහැවීමේ රහස පිටුපස ඇත්තේ ද රූපලාවණ්‍ය හාස්කමකි. ඇය ‘බාසිගර්’ වැනි සිනමාපටවල රඟද්දී තද පැහැ සමකින් යුතුය. එහෙත් ‘කබි කුෂි කබි ගම්’, ‘මයි නේම් ඊස් ඛාන්’ සිනමාපටවලදී ඇය වඩාත් සුදට පෙනුණු බව රහසක් නොවෙයි.

ළමා වියේ සිට රංගනය ජීවිතය කරගත් ශ්‍රී දේවි මුල් කාලයේ සිහින් දේහ ධාරිණියක නොවුණා වගේම සුදෝ සුදු තාරකාවක් ද නොවීය. ‘සොල්වා සාවන්’ සිනමාපටයේ රඟද්දී ඇයගේ සමේ තිබූ තද පැහැය පසුකාලීනව සුදෝ සුදු වීමේ රහස ද ඉහත කී හේතුවමය. නාසයේ විශාලත්වය අඩු කිරීමට ද ඇය ප්ලාස්ටික් සැත්කම් යොදා ගත් බව රහසක් නොවෙයි.

භානුරේඛා ගනේෂන් හෙවත් රේඛා, සදාකාලික යෞවනිය ද ශ්‍රී දේවි මෙන්ම පමණට වඩා පිරිපුන් තද පැහැ සමකට හිමිකම් කී අයෙකි. එහෙත් සම සුදු කිරීමේ ප්‍රතිකර්මයට පින්සිදු වන්නට ඇය අද සුදෝ සුදුය.

සිහින දෙව්දුව ලෙස කලක් තිරයේ බැබලුණු හේමා මාලිනී තද පැහැ සමකට හිමිකම් කීව ද, එක් රැයකින් සුදෝ සුදු තාරකාවක් වූවාය. ඇය සම එල්ලා වැටී, රැලි වැටීම වළක්වා ගන්නට ද වෛද්‍යවරුන්ගෙන් පිහිට ලබාගෙන තිබේ.