වර්ෂ 2014 ක්වූ ජුනි 05 වැනිදා බ්‍රහස්පතින්දා




අයි. පී. එල්. ෂාරුක්ට ප්‍රීතිගේ හිත බිඳෙයි

අයි. පී. එල්. ෂාරුක්ට ප්‍රීතිගේ හිත බිඳෙයි

වීර්-සාරා, ෂාරුක් ඛාන් – ප්‍රීති සින්තා ප්‍රේමය අයි පී එල් කුසලානය ඉදිරියේ දෙදරා ගිය අන්දම කොයි කාටත් සක් සුදක් සේ පැහැදිලිය. අවසාන මොහොතේ ෂාරුක්ගේ කණ්ඩායම නොසිතූ ජයක් ලබද්දී, ප්‍රීතිගේ හද දෙදරා ගිය අන්දම ඇය පෑ ඉඟි බිඟි සාක්ෂිය.

ජයග්‍රහණයෙන් පසු පිටියට පැමිණි ෂාරුක් ක්‍රීඩකයන් සමඟ පිනුම් ගසමින් විනෝද විය. ඔහු සිය විජයග්‍රාහී කුසලානය පිරිනැමුවේ බාලපුතු ඒබ්‍රහම්ටය. මේ ෂාරුක්ගේ දෙවැනි විජයග්‍රහණයයි.

සුපුරුදු නිහතමානිකම පෙන්වමින් ඔහු ප්‍රීති සින්තාගේ පන්ජාබ් පිල ද අගය කළේය.