වර්ෂ 2014 ක්වූ ජුනි 05 වැනිදා බ්‍රහස්පතින්දා




ජන කරළිය සමග රට වටේ

ජන කරළිය සමග රට වටේ

රංගන ශිල්පී දිලිප් රෝහණ

මේ දිනවල මම සන්තුෂ ලියනගේ ගේ අලුතම ටෙලි නාට්‍යයකට දායක වුණා. ඊට අමතරව පරාක්‍රම නිරිඇල්ල සමඟ ජනකරළිය නාට්‍ය කණ්ඩායමට සම්බන්ධ වෙලා කටයුතු කරනවා.

ඒ සමඟින් යාපනය, කිලිනොච්චිය, අනුරාධපුර වැනි ප්‍රදේශ කිහිපයකම නාට්‍ය ප්‍රදර්ශනය යෙදාගෙන තියෙනවා. එහිදී ජංගම වේදිකාව සමඟින් නාට්‍ය කලාව පිළිබඳ සිසු සිසුවියන් මෙන්ම ඒ සම්බන්ධව උනන්දුවක් දක්වන අයට දැනුම ලබා දෙමින් සිටිනවා.