වර්ෂ 2014 ක්වූ ජුනි 05 වැනිදා බ්‍රහස්පතින්දා




දයා තෙන්නකෝන් සමන්ති ලැනරෝල්ට පැවසුවේ මොනවාද?

දයා තෙන්නකෝන් සමන්ති ලැනරෝල්ට පැවසුවේ මොනවාද?

දයා - මාලෙත් ඔයා වගේම හැබෑ රත්‍රන් වෙන්නැති නේද?

සමන්ති – නෑ අනේ, මේක ඉමිටේෂන් එකක්, ඔයා වගේ.

වසන්ත කේ. ප්‍රනාන්දු.

මේ අයත් හොඳ දෙබස් ලියා එවා තිබුණා.

සමන්ති - ග්‍රේස් අක්කා ඈතට හරිම ලස්සනයි නේද?

දයා - එකත් එකටම ඔයා ආවා කියන ආරංචියට ඔය එනවා ඇත්තේ.

රසාංග අනුරාධ.

දයා - සමන්ති ඔයා හෙට හන්තානේ කන්ද නගින්න එනවද?

සමන්ති – තරහා වෙන්න එපා දයා. ඔයා යනවා නම් මම නොයන්න තීරණය කළා.

චන්ද්‍රසිරි මානවඩු.

දයා - සමන්ති, ඇත්තම කියනවා නම් මම ඔයාට කැමැතියි. ඒත් මම දන්නවා ඔයාගේ හිත තියෙන්නෙ සෝමෙ ළඟ කියලා.

අන්ජලී නිල්වලා රත්නවීර.

විද්‍යුත් තැපෑලෙන් තරග වදින ඔබේ තැපැල් ලිපිනයද යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.