වර්ෂ 2014 ක්වූ ජුනි 05 වැනිදා බ්‍රහස්පතින්දා




තුල්සිගේ සහතික බොරු?

තුල්සිගේ සහතික බොරු?

මහගෙදර ‘තුල්සි’ ස්මිරිති අයිරාණිට පාර්ලිමේන්තුව, ගෝරි ගෙදරක් බවට පත්වෙමින් තිබේ. මානව සම්පත් ඇමැති ධූරය ඇයට හිමි වුව ද, ඇය උපාධිධාරිණියක නොවේ යයි කියා එක හඬින් අයිරාණිට විරුද්ධ පාක්ෂිකයෝ චෝදනා කරති. ඇයට මනාපය දක්වන්නන් කියා සිටින්නේ රබීන්ද්‍රනාත් තාගෝර් උතුමන් පවා උපාධිධාරියකු නොවන බවය.

එහෙත් ඔහු විශ්ව විද්‍යාලයක් ඇරැඹීමට මුල් වී තිබේ. හින්දු සහ ඉංග්‍රීසි බස චතුර ලෙස කථා කරන ඇය කිසිසේත්ම මේ තනතුරට නුසුදුස්සෙක් නොවන බව ඔවුනගේ අදහසයි. අයිරාණි කියන්නේ අධ්‍යාපනික සහතිකවලින් නැතිව, වැඩවලින් තමන්ගේ සුදුසුකම් බලන ලෙසයි. ඇය වරෙක උපාධිය සම්පූර්ණ කළ බව පැවසීමත්, තවත් වරෙක පළමු වසර පමණක් සම්පූර්ණ කළ බව පැවසීමත් මතභේදයට ලක් වී තිබේ.

විරුද්ධ පාක්ෂිකයන් කුමක් පැවසුවත්, උත්තර් ප්‍රදේශයේ ‘අමෙති’ අසුන ඇය පරාජය වූයේ රාහුල් ගාන්ධිට තියුණු තරඟයක් දෙමිනි. තිස් අට හැවිරිදි අයිරාණි වර්තමාන කැබිනෙට්ටුවේ ළාබාලම සාමාජිකාවයි.