වර්ෂ 2014 ක්වූ මාර්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




රූපා ඉන්දුමතී ප්‍රංශයට යයි

රූපා ඉන්දුමතී ප්‍රංශයට යයි

ගායන දිවියට අඩසිය වසක් සපිරෙන හින්දා රූපා ඉන්දුමතී මේ දවස්වල ඉන්නේ හරිම සතුටින්. ඒ සන්තෝෂය දෙගුණ තෙගුණ වෙනවාලු මේ මාසෙ නව වැනිදාට. ඒ මොකද දන්නවද, රූපා ට ආරාධනාවක් ලැබිලා ඒක පුද්ගල ප්‍රශංගයක් පවත්වන්න.

ලංකාවෙ නම් නෙවෙයි මේ ප්‍රසංගය දිගහැරෙන්නේ ප්‍රංශයේ. ඇය ප්‍රථම වතාවටලු රටින් පිට මෙවන් වූ ප්‍රශංගයකට සහභාගි වන්නේ. රූපා මේ සඳහා හෙට මවු බිමෙන් පිටත් වෙනවා.

මෙම විචිත්‍රවත් ප්‍රසංගය සංවිධානය කරන්නේ ප්‍රංශයේ කාන්තා සමිතියක් විසින්. ඔවුන්ට රූපා පිළිබඳ දන්වා තියෙන්නේ ගායන ශිල්පී ලක්‍ෂමන් හේවාවිතාරණ. ඔහුට හදපිරි කෘතවේදීත්වය පිරිනමන්නත් රූපා අමතක කළේ නැහැ.