වර්ෂ 2014 ක්වූ මාර්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




සෝනක්ෂිගේ පෙම් කතාව

සෝනක්ෂිගේ පෙම් කතාව

ආදරය වෙනුවෙන් පෙමින් බැඳී සිටින කාලයේ තරුණයකු, තරුණියක කැප නොකරන දෙයක් නැත. බොලිවුඩයේ සුපිරි තත්ත්වයට නැඟී එන තරුවක් වූ සෝනක්ෂි, සිය පෙම්වතා වූ ෂාහිඩ් කපූර් වෙනුවෙන් කැප කරන්නේ ස්ථුල බවයි. උසට සරිලන බර ගැන නිරන්තරයෙන්ම සිතන ෂාහිඩ්, සිය පෙම්වතියට සිහින් වන ලෙසට උපදෙස් දී ඇති නිසාදෝ ඇය මේ දිනවල නිතර ජිම් යන්නීය. එහි ප්‍රතිඵලය ඇය දකින කොයි කාටත් ඇස් පනාපිටම දැකගත හැකිය.

ෂාහිඩ් - සෝනක්ෂි පෙමට මුල පිරුණේ ‘ආර්. රාජ්කුමාර්’ රූගත කරන විටයි. චිත්‍රපටයේ සෑම රූගත කිරීමකදීම විකසිත වන මලක් මෙන් දෙදෙනාගේ ආදර සිත් පිබිදුණි. ෂාහිඩ් ඇයට සිනමාපටය ප්‍රවර්ධනයේදී ලබා දුන්නේ පුදුමාකාර සහයෝගයකි. ඉඩක් ලැබෙන සෑම මොහොතක්ම ඔවුන් වැය කරන්නේ එකිනෙකා වෙනුවෙනි.

ෂාහිඩ් කලින් සෙනෙහස දැක්වූයේ කරීනා කපූර්ටය. ඒ සෙනෙහසේ කූටප්‍රාප්තියේ දී කරීනා, ෂාහිඩ් නිසා නිර්මාංස ආහාර ගැනීමට පුරුදු වූවාය. ෂාහිඩ් නිසා පෙම්වතියන් ලබන්නේ යහපත් අත්දැකීම්ය. සෝනක්ෂි සිංහට රන්වීර් සිං සම්බන්ධ කර කට කතාවක් පැතිර ගිය ද එය කාලයේ වැලි තලාවෙන් වැසී ගියේය.

ෂාහිඩ්ගේ තිස්තුන් වැනි උපන් දිනයේදී විසි හය හැවිරිදි සෝනක්ෂිට අපූරු තෑග්ගක් ද ලැබී තිබේ.