වර්ෂ 2014 ක්වූ මාර්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




ඇහැලේපොළ කුමාරිහාමි සමඟ

ඇහැලේපොළ කුමාරිහාමි සමඟ

රංගන ශිල්පිනී විනූ සිරිවර්ධන

ඇහැලේපොළ කුමාරිහාමි’ කියන ඓතිහාසික චිත්‍රපටයේ පුස්වැල්ලේ කුමාරිහාමිගේ දියණියගේ චරිතයටයි මම මේ දවස්වල රංගනයෙන් සහභාගි වෙන්නේ. මගේ පළමුවැනි චිත්‍රපටය වෙන්නෙත් මේ චිත්‍රපටයයි. මෙතෙක් චිත්‍රපට කිහිපයකට රංගනයෙන් සහභාගි වෙන්නට ආරාධනා ලැබිලා තිබුණත්, ඓතිහාසික චිත්‍රපටයකට පළමුවෙන්ම රංගනයෙන් සහභාගි විය යුතුයි කියලා මම තීරණය කරලයි තිබුණේ. මගේ ඒ පැතුම ඉටු වුණා. මේ වන විටත් ටෙලි නාට්‍ය දෙකකට පමණ ආරාධනා ලැබිලා තිබෙනවා.

ඒ වගේම මම ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ජනමාධ්‍ය කළමනාකරණය කියන පාඨමාලාවත් හදාරන්නේ එය රංගන කටයතුවලට උදව් වන නිසයි. ඒ වගේම ජනමාධ්‍ය කියන අංශයෙනුත් ඉදිරියේදී අලුත් වැඩක් කරන්න හිතාගෙන ඉන්නවා.