වර්ෂ 2014 ක්වූ මාර්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




ටෙලිනිස 20 වන සංවත්සරය

ටෙලිනිස 20 වන සංවත්සරය

ටෙලි නිර්මාණවේදීන් ගේ සංසදයේ විසිවැනි සංවත්සරය ඉකුත් දා ජනමාධ්‍ය සහ තොරතුරු අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී උත්සවශ්‍රීයෙන් සමරන ලදී. අමාත්‍ය විමල් වීරවංශ මහතා මුලසුන හෙබවූ මේ සඳහා ක්ෂේත්‍රයේ සහෘදයන් රැසක් සහභාගි වී සිටියහ.

එහිදී ආතර් යූ. අමරසේන, රත්නාවලී කැකුණුවෙල සහ දී. ග. සෝමපාල ටෙලිනිස ගෞරව යාවජීව සම්මානයෙන් පුද ලැබීය. මෙයට සමගාමීව අජිත් ගලප්පත්ති විසින් තිස්ස අබේසේකරයන් ගේ ජීවන ගමන් මඟෙයි සුවිශේෂී සංධිස්ථාන අලළා රචනා වුණු ‘තිස්ස තිස්ස’ ග්‍රන්ථය ද එළිදක්වන ලදී.