වර්ෂ 2014 ක්වූ මාර්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




දොළොස් වසක වහලෙක් හොඳම චිත්‍රපටය වෙයි

දොළොස් වසක වහලෙක් හොඳම චිත්‍රපටය වෙයි

86 වැනි ඇකඩමි සම්මාන උලෙළ පසුගිය 02 වැනිදා අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රංග ශාලාවේදී අති උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි.

හොළිවුඩ් තරු පිරිවරා පැවැති මෙවර උලෙළේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගන්නා ලද්දේ ස්ටීව් මැක්වීන් අධ්‍යක්ෂණය කළ ‘12 ඉයර්ස් අ ස්ලේව්’ චිත්‍රපටය යි.

මෙවර ඔස්කාර් සම්මානයන් සඳහා නිර්දේශිත නාමයන් වැඩිම සංඛ්‍යාවකට හිමිකම් ලැබූයේ ග්‍රැවිටි චිත්‍රපටය යි. එය සම්මාන 10ක් සඳහා නිර්දේශ වූ අතර එයින් සම්මාන හතක් දිනා ගත්තේය.

හොඳම අධ්‍යක්ෂණය

අල්ෆොන්සෝ ක්වෝරන් – ග්‍රැවිට්

හොඳම නළුවා

මැතිව් මැක්කොනහි – ඩලස් බයර්ස් ක්ලබ්

හොඳම නිළිය

කේට් බ්ලාන්ෂේ – බ්ලූ ජස්මින්

හොඳම සහාය නළුවා

ජෙරෙඩ් ලෙටෝ - ඩලස් බයර්ස් ක්ලබ්

හොඳම සහාය නිළිය

ලුපිටා නියෝජිඕ - 12 ඉයර්ස් අ ස්ලේව්

පරිගණක සජීවකරණ වෘත්තාන්ත චිත්‍රපටය

ෆ්‍රෝසන්

හොඳම කැමරාකරණය

ග්‍රැවිට් – එමානුවෙල් ලුබර්ස්කි

හොඳම ඇඳුම් නිර්මාණය

ද ග්‍රේට් ගැස්ට්බි – කැතරින් මාර්ටින්

හොඳම වාර්තා චිත්‍රපටය

20 ෆීට් ෆ්‍රොම් ස්ටාර්ඩම් - මෝගන් නෙවිලි

හොඳම සංස්කරණය

ග්‍රැවිටි – අල්ෆොන්්සෝ ක්වෝරන්, මාර්ක් සැන්ගර්

හොඳම විදෙස් චිත්‍රපටය

ද ග්‍රේට් බියුටි – ඉතාලිය

හොඳම වේෂ නිරූපණය

ඩලස් බයර්ස් ක්ලබ් – අධුර්තා ලී, රොබින් මැතිව්ස්

හොඳම ස්වීය සංගීතය

ග්‍රැවිටි - ස්ටීවන් ප්‍රයිස්

හොඳම ගීතය

‘‘Let It Go’  - ෆ්‍රෝසන්

සංගීතය සහ පද රචනය – ක්‍රිස්ටීන් ඇන්ඩර්සන් ලෝපේස්, රොබර්ට් ලෝපේස්

හොඳම නිෂ්පාදන සැලසුම්කරණය

ද ග්‍රේට් ගැට්ස්බි – කැතරින් මාර්ටින් (නිෂ්පාදන සැලසුම්කරණය), බෙවර්ලි ඩුන් (පසුතල නිර්මාණය)

හොඳම කෙටි චිත්‍රපටය (පරිගණක සජීවකරණ)

මිස්ටර් හියුබ්ලොට් - ලෝරන්ට් විට්ස්, ඇලෙක්සැන්ඩර් එසිපිගර්ස්

හොඳම කෙටි චිත්‍රපටය

හීලියම් – ඇන්ඩර්ස් වෝල්ටර්, කිම් මැගුන්සම්

හොඳම සංගීත සංස්කරණය

ග්‍රැවිටි – ග්ලීන් ෆ්‍රීමන්ට්ල්

හොඳම සංගීත සංයෝජනය

ග්‍රැවිටි - ස්කිප් ලිවර්සෙ, නිව් ඇඩ්‍රි, ක්‍රිස්ටෝපර් බෙන්ස්ටෙඩ්, ක්‍රිස් මුන්රෝ

හොඳම දෘෂ්ටි ප්‍රයෝග

ග්‍රැවිටි – ටිම් වෙබ්බර්, ක්‍රිස් ලෝරන්ස්, ඩේව් ශ්‍රික්, නීල් කෝබොල්ඩ්

හොඳම අනුවර්තන තිර රචනය

12 ඉයර්ස් අ ස්ලේව් – රූපරචනය - ජෝන් රයිඩ්ලි

ස්වීය තිර රචනය

හ(ර්) – රචනය - ස්පයික් ජෝන්ලෙ

මෙවර උලෙළේ ජීන් හර්ෂොල්ට් මානුෂික සම්මානය ඇන්ජලීනා ජොලී වෙත පිරිනැමුන අතර ඇන්ජෙලා ලෑන්ස්බරී, ස්ටීව් මාර්ටින් සහ පීරෝ තෝෂි විශේෂ ඇකඩමි සම්මානයෙන් පිදුම් ලැබූහ.