වර්ෂ 2014 ක්වූ මාර්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




ඇන්ඩ්‍රොමීඩා ටෙලි චිත්‍රපටයක් වෙයි

ඇන්ඩ්‍රොමීඩා ටෙලි චිත්‍රපටයක් වෙයි

පියවි, යාය 4, අයාල් වැනි නාට්‍ය පුංචි තිරයට ගෙනා චාමර ජනරාජ් පීරිස් පිටපත රචනා කරමින් අධ්‍යක්‍ෂණය කළ ඇන්ඩ්‍රොමිඩා ටෙලි චිත්‍රපටයේ ෂකාශන අයිතිය පියෝ ටී. වී. හි වී. ඕ. ඩී. නාළිකාවට ලබාදෙයි. ඒ අනුව ඒ ඔස්සේ ඕනෑම ප්‍රේක්‍ෂකයකුට නිතර වෙනස් නිර්මාණයන් පුංචි තිරයෙන් ඔබට දායාද කළ චාමරගේ ‘ඇන්ඩ්‍රොමිඩා’ නැරැඹිය හැකිය.

බිමල් ජයකොඩි, ඩිනක්‍ෂි පි‍්‍රයසාද්, සුජානි මේනකා, කාවිංග පෙරේරා, එරංග ජීවන්ත, පවිත්‍රා වික්‍රමසිංහ, නෙතු ඉරෝෂිකා, චලින්දු මධුරසිංහ ඇතුළු පිරිස මෙහි චරිත මවා ඇත.

කපිල සුගත් විජේරත්ත ගේ කැමරා අධ්‍යක්‍ෂණයකි. ලක්රුවන් ද සේරම් සංස්කාරකවරයාය. ඇන්ඩ්‍රොමිඩා රාජිත මනරම් හෙන්නායක ගේ නිෂ්පාදනයකි.