වර්ෂ 2014 ක්වූ මාර්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




අමීර් ඛාන්ට මරණ තර්ජන

අමීර් ඛාන්ට මරණ තර්ජන

සියල්ලෙන් පරිපූර්ණ වූ අයට අසම්පූර්ණ අයගෙන් ලැබෙන්නේ හොඳ ප්‍රතිචාර නොවෙයි. බොලිවුඩයේ ‘පූර්ණවන්තයා’ අමීර් ඛාන්ට අත් වී ඇත්තේ එවන් ඉරණමකි. ඒ සිනමා රංගනය නිසා නම් නොවෙයි. ඔහු මෙහෙය වන ‘සත්‍යමේ ජායතී’ වැඩසටහන නිසයි. සමාජයේ වැරැදිකරුවන්ට හොඳම දුෂ්ටයා වී සිටින ඔහුට සතුරන් ගණනාවකි. ඔවුන්ගෙන් එල්ල වෙන පහර සිනමාවේදී මෙන් අහිංසක පහරවල් නොවෙයි. ඒවා කෙළින්ම මරණ තර්ජනය. එනිසා ආත්ම ආරක්ෂාවට ඔහු කෝටි 10 ක් වටිනා බෝම්බවලට පවා ඔරොත්තු දෙන වාහනයක් මිල දී ගෙන තිබේ. දැන් ඔහු සෑම තැනකටම යන්නේ එන්නේ මේ වාහනයෙනි. මෙවන් වාහන ඇති අනෙක් ඉන්දියානුවන් වන්නේ මුඛේෂ් අම්බානි සහ අගමැති මන්මෝහන් සිංය. අමීර් විශේෂ ආරක්ෂිත මර්සිඩීස් බෙන්ස් වාහනයක් හිමි තෙවැන්නායි.

තමාට එල්ලවන තර්ජන ගැන අමීර් පොලීසියට දැනුම් දුන්න ද පවුලේ අයගේ දැඩි ඉල්ලීම නිසා වාහනය මිල දී ගෙන ඇත. විශේෂයෙන්ම අමීර්ගේ මවට පුතු වාහනය ගන්නා තුරුම සිතට සැනසීමක් ලැබී නැත. පෞද්ගලිකව මරණ තර්ජන ලැබෙන බව, කට කතාවක් බව අමීර් පවසයි. ලැබෙන ඇමැතුම් ආදරණීය ඇමතුම් පමණක් වීම ගැන අමීර් සිටින්නේ සතුටිනි.