වර්ෂ 2014 ක්වූ මාර්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




මේ දිනවල දරු සුරතල්

හන්දියක්, හන්දියක් ගානේ

ගායන ශිල්පී මධුමාධව අරවින්ද

මගේ ජීවිතයේ කිසි දෙයක් තිබුණේ නැහැ. ජනතාව තමයි මධුමාධව ලෙස මට හැම දෙයක්ම ලබා දුන්නේ. එදා මම ගායකයෙක් විදියට හන්දියක් හන්දියක් ගානේ සිංදු කිව්වා. අද දේශපාලන ගමනේ මම හන්දියක් හන්දියක් ගානේ ගිහින් ජනතාව අමතනවා. මගේ මේ පිරිසිදු දේශපාලන ගමනට සහෝදරයන් රැසක් මා සමඟ සිටිනවා. ඒ වගේම පෝස්ටර් නැති වුණත් මං වෙනුවෙන් මිනිසුන් සිය ගණන් පාරට බැහැලා ඉන්නවා. ඒ ගැන සතුටුයි.

ඡන්දය අවසන් දිනෙත් ජනතාව අමතක නොකර මේ රට හදලා මට ජනතාව ලබා දුන් නමට අගෞරවයක් නොවන අයුරින් කටයුතු කරන්න තමයි මේ සූදානම.