වර්ෂ 2014 ක්වූ මාර්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




අභීත දියණියට තර්ජනයක්

අභීත දියණියට තර්ජනයක්

‘අභීත දියණිය’ ශනිදා උදෑසන යළිත් ආලින්දයේ මිතුරිය බවට පත්වෙද්දී අභීත දියණිය, දොං යී ට පණ පොවන හන් හියෝ ජූ ගැන නම් අසන්නට ලැබෙන්නේ හොඳ පුවතක් නොවෙයි.

හන් ඇයගේ හිටපු පෙම්වතා සමඟ ගත් ආන්දෝලනාත්මක ඡායාරූප එකතුවක් ඇයගේ හිටපු කළමනාකරු විසින් ප්‍රසිද්ධියට පත් කරන බවට තර්ජනය කර ඇයගෙන් මුදල් ඉල්ලා තිබේ. අවසානයේදී හන්ගේ පියා වොන් (වොන් කොරියානු මුදල්ය) මිලියන 10 ක් ගෙවා ප්‍රශ්නය නිරාකරණය කරගෙන තිබේ. ඔවුන් හන්ගෙන් ඉල්ලා සිටියේ වොන් මිලියන හාරසියයක මුදලකි. මෙවැනි ‘බ්ලැක්මේල්’ කිරීම්වලට හන් කොහෙත්ම එකඟ නැත.

වෘත්තීය පැත්තෙන් නම් හන් හියෝ - ජූ අතිශය සාර්ථකත්වයට පත් වෙමින් සිටින්නීය. ඇය 2013 බ්ලූ ඩ්‍රැගන් සිනමා සම්මාන උළෙලේ හොඳම නිළිය වූවාය. ඒ ‘කෝල්ඩ් අයි’ රංගනයටයි.