වර්ෂ 2014 ක්වූ මාර්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




අලුත්ම ගී

අලුත්ම ගී

ගායන ශිල්පිනී සහේලි ගමගේ

මේ දවස්වල නම් මම ගත කරන්නේ මගේ අලුත්ම ගීත දෙකේ රෙකෝඩින් සමඟයි. මව් ගුණ සහ ස්වාමි පුරුෂයා ගැන කියවෙන මේ ගීත දෙකම රචනා කළේ රඹුකන සිද්ධාර්ථ හිමියන්. ඒ වගේම තව ටික කාලයකින් මේ ගීත මම එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා. මේ සතියේදී මගේ නිවාඩුවත් ඉවර වෙන්න නියමිතයි. ඒ නිසා මට ආයෙමත් ජෝර්ජියාවේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් යන්න තියෙනවා.

තව අවුරුදු දෙකක් මට ජෝර්ජියාවේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න තියෙනවා. ඊට පස්සේ ලංකාවට එන්න හරි අමෙරිකාවට යන්න හරි තමයි හිතාගෙන ඉන්නේ. හැබැයි වැඩි කැමැත්ත තියෙන්නේ ලංකාවට තමයි.