වර්ෂ 2014 ක්වූ මාර්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




 ‘ජියා ඛාන්’ සැකකරු සිනමාවට

 ‘ජියා ඛාන්’ සැකකරු සිනමාවට

සමනලියකගේ තටු බිඳ දැමීමේ වරදට චෝදනාකරුවා වූ, දැන් කුරුල්ලකු සේ නිදහස ලබා සිටින සූරජ් පන්චෝලි අලුත්ම රංගනයකට සූදානමින් සිටියි. ඔහු කුලුඳුල් සිනමාපටයේම රඟන්න බලාපොරොත්තු වන්නේ නිරුවත් සටන් ජවනිකාවක් ඇති චරිතයකි. ‘හීරෝ’ සිනමාපටයේ ඔහුගේ පෙම්වතිය වන්නේ සුනිල් ෂෙට්ටිගේ දියණිය අචතියා ෂෙට්ටිය.

සූරජ් කලක් බොලිවුඩයේ ජනප්‍රිය තරුවක් වූ ආදිත්‍ය පන්චෝලිගෙත්, නිළි සරීනා වහාබ්ගේත් පුතුයි. පන්චෝලිට සටන් වැදීමට සිදුවන්නේ ජැකී ෂෙරොෆ්ගේ පුතු ටයිගර් සමඟයි. සටන් මෙන්ම ආදර ගීත ද සැබෑ ජීවිතයේදී හොඳින් හුරු පුරුදු සූරජ්ට ‘හීරෝ’ සැබෑවටම අභියෝගයක් නොවනු ඇත. සුරූපී ජියා ඛාන්ගේ හිටපු පෙම්වතා වූ සූරජ් ඇයගේ මරණයට සැක කරන පුද්ගලයායි.