වර්ෂ 2014 ක්වූ මාර්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




ඩොව්ලි උළෙලෙන් නිළි රැජනට යාවජීව සම්මානය පිරිනැමේ

ඩොව්ලි උළෙලෙන් නිළි රැජනට යාවජීව සම්මානය පිරිනැමේ

යළිත් වරක් දෙශීය සිනමාව ජාත්‍යන්තර කීර්තියට පත්කරමින් නිළි රැජන මාලිනී ෆොන්සේකා ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්මක් මේ දිනවල ප්‍රංශයේ ඩොව්ලි ඒෂියා සිනමා උළෙලේ දී අද පැවැත්වේ.

එයට සමගාමීව ඇය මෙම සම්මාන උළෙලේ දී යාවජීව සම්මානයෙන් ද පිදුම් ලැබීමට නියමිතය. මාලිනී රඟපෑ යුග තුනක අධ්‍යක්‍ෂවරු තිදෙනකු විසින් නිර්මාණය කළ නිධානය, බඹරු ඇවිත් සහ ආකාස කුසුම් යන චිත්‍රපට ත්‍රිත්වය උළෙලේ දී ප්‍රදර්ශනය වෙයි.

දහසය වැනි ඩොව්ලි ඒෂියා සිනමා උළෙලේ දී මාලිනී ගේ මෙන්ම ලෝක ප්‍රකට සිනමා කරුවන් දෙදෙනකු වන ජපානයේ හිදෙයෝ නකාතා සහ තායිවානයේ ත්සායි මින්ලියාන් ගේ ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්මක් ද අයත්ය.

මාලිනී මෙම සිනමා දැක්මෙන් අනතුරුව යුනෙස්කෝව මඟින් සංවිධධානය කළ ආකාස කුසුම් සිනමාපටයේ විශේෂ දර්ශනයක් සඳහා ද සහභාගි වෙයි.

ඩොව්ලි සිනමා උළෙලේ දී මෙයට පෙර සම්මාන දිනූ සිනමා කරුවන් අතර ශිෂංධක් (දකුණු කොරියාව) ලී මුංග් -සේ (දකුණු කොරියාව වෑංග් ක්වාන්වන් (චීනය), සෙන සුංග් හයි (දකුණු කොරියාව), රොයිටාන් ටෑන් (සිංගප්පූරුව), ලී යුන්කී (කොරියාව), ඇතුළු සිනමා කරුවන් කැපී පෙනේ.