වර්ෂ 2014 ක්වූ මාර්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




නාට්‍ය උළෙලේ වැඩ

නාට්‍ය උළෙලේ වැඩ

නාට්‍යවේදී එම්. සෆීර්

පෙබරවාරි මුල් සතියේ මම යුරෝපයට ගියේ යුරෝපීය නාට්‍ය උළෙලට සහභාගිවීමටයි. ඒත් සමඟම දිල්ලියේ පැවැත්වුණු ළමා හා යොවුන් නාට්‍ය උළෙලටත් සහභාගි වූණා. ඒ ශ්‍රී ලංකාව නියෝජනය කරමින්. ඒ වගේම මමත් නාට්‍යයක් එහි රැගෙන ගියා. මේ දවස්වල මගේ කටයුතු පෙළ ගැසී තිබෙන්නේ තෙවන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙලට සූදානම් වීමටයි. මාර්තු 27 සිට අප්‍රේල් 02 වැනිදා දක්වා පැවැත්වෙන මේ නාට්‍ය උළෙලට ජර්මනිය, ඉන්දියාව, මෙක්සිකෝව, නේපාලය ආදී රටවල නාට්‍ය කණ්ඩායම් පැමිණීමටත් නියමිතයි. ඒ නාට්‍ය උළෙලට අපේ රටෙන් ඉදිරිපත් කරන්න් ‘මනමේ’, ‘හුනුවටය’ හා ‘ඔතලෝ’ නෘත්‍ය නාටකය කියන නිර්මාණයි.