වර්ෂ 2014 ක්වූ මාර්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




ළමුන්ගේ කළඑළි මංගල්‍යයට සූදානම් වෙනවා

ළමුන්ගේ කළඑළි මංගල්‍යයට සූදානම් වෙනවා

නර්තන ආචාරිණී පද්මිණී දහනායක

මම නම් සුපුරදු පරිදි මගේ නර්තන පංති කරගෙන යනවා. මේ පංතිවල මම විසින්මයි ඉගැන්වීම් කටයුතුª කරගෙන යන්නේ. ඒක ඒ දරුවන්ගේ දෙමවුපියන්ගේ බලාපොරොත්තුවක්. නර්තනය ඉගැන්විම මගේ වෘත්තිය. මම ඉගෙන ගත් ඒ දැනුම දරුවන්ට හොඳින් ලබා දෙන්න තමයි මම උත්සාහ කරන්නේ. ඒ වගේම දැනට ඉගෙනුම ලබන ළමුන් කළඑළි මංගල්‍යයක් බලාපොරොත්තුවෙන් ඉන්නේ. මේ දවස්වල ඔවුන් ඒ වෙනුවෙන් පුහුණුවීම්වල යෙදෙනවා.

ඒ වගේම ඉදිරි සතියේ මගේ උපන් දිනයත් යෙදිලා තියෙනවා. ලෝක කාන්තා දිනයේදීම මගේ උපන් දිනයත් යෙදී තිබීම මට ලොකු සතුටක්. මම හැමදාම බුදුන් සරණ යන කෙනෙක්. උපන් දිනයටත් නිවෙසේ සෙත් පිරිත් සක්‍ජායනයක් පවත්වා ළමා නිවාසයකට දානයක් දෙන්න සූදානම් වෙනවා.