වර්ෂ 2014 ක්වූ මාර්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




රෑ ඉරපානේ ප්‍රවීණ ගේය පද රචක

රෑ ඉරපානේ ප්‍රවීණ ගේය පද රචක

බන්දුල නානායක්කාරවසම්

මේ දවස්වල මම අලුත්ම කටයුත්තක සූදානම් වෙමින් තමයි ඉන්නේ. මම කළ ‘රෑ ඉරපාන’ වැඩසටහන මේ වනවිට නතර කරලා. ඒත් ඒ සඳහා ලැබෙන ප්‍රතිචාර නම් කිසිම අඩුවක් වෙලා නැහැ. දුරකතන ඇමතුම් වගේම ලියුම්වලින් වැඩසටහනට ආදරය කළ අය තම ප්‍රතිචාර දක්වන්නට අමතක කර නැහැ. ඔවුන්ගේ ඉල්ලීම වෙන්නේ ‘රෑ ඉරපාන’ නැවතත් ආරම්භ කරන්න කියලයි. ඒ අදහස නැවතත් ක්‍රියාවට නඟන්න යම් සූදානමක් තිබෙන බවත් ආදරණීය රසිකයන්ට කියන්නේ සරසවිය පත්තරය හරහායි. මොකද ‘රෑ ඉරපාන’ ගැන මුලින් සඳහන් කළෙත් සරසවිය පත්තරයයි.

ඒ කටයුත්තේ මූලික අදියර විදියට ‘රෑ ඉරපාන’ කෘතියක් ලෙස රසිකයන් අතට පත් කරන්නත් මේ දවස්වල සූදානම් වෙන්නේ ඔවුන්ගේම අදහසක් අනුවයි. එහි බොහෝ කටයුතු ඉටු කිරීමට භාර ගෙන තිබෙන්නේ රෑ ඉරපානට ආදරය කළ රසිකයන්මයි. ඉදිරියේදී ‘රෑ ඉරපාන’ ඇසිදිසි තෛ‍්‍රමාධ්‍ය මගින් ඔබ අතරට පැමිණේවි. ඒ අද වන විට ගීතය ගැන විනාශ වී යන කලා රුචිය නැවතත් ජීවිතයට සම්බන්ධ කරන්නට දරන උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන්.