වර්ෂ 2014 ක්වූ මාර්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




සම්මාන උළෙල ගොන්නට තවත් සිනමා සම්මාන උළෙලක්

සම්මාන උළෙල ගොන්නට තවත් සිනමා සම්මාන උළෙලක්

මෙරට සිනමා සම්මාන උළෙල නාමාවලියට එක්වන අලුත්ම සිනමා සම්මාන උළෙල ‘ලංකා ලයිව් සිනමා සම්මාන උළෙල’ දෙහිවල ‘ඊගල් ලේක් සයිඩ්’ හෝටලයේ දී පැවැත්වේ. ඒ පිළිබඳ එහි ප්‍රධාන සංවිධායක, ප්‍රවීණ සිනමා විචාරකයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු ද වන ගුණසිරි සිල්වා සමඟ කළ සංවාදයකි මේ.

* මුලින්ම ‘ලංකා ලයිව් ෆිල්ම් අවෝඩ්ස්’ ගැන දැනගන්න කැමැතියි?

‘ලංකා ලයිව් ෆිල්ම් අවෝඩ්ස් මගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වෙන්නක්. මෙහි දී පසුගිය වසරේ තිරගත වුණු චිත්‍රපටවලට තමයි සම්මාන පිදෙන්නේ. ජනපි‍්‍රය නළුවා සහ නිළිය ජනතා මනාපයට අනුව තෝරා ගන්නත්, අනෙකුත් සම්මාන ජූරියේ විනිශ්චයෙන් තෝරා ගන්නත් නියමිතයි. ඒ වගේම මෙහි විශේෂත්වයකුත් තියෙනවා. මේ සම්මාන අතරට සිනමා සාහිත්‍ය කෘතියකුත් ඇතුළත් වෙනවා. මෙතෙක් පැවැති සිනමා සම්මාන උළෙලවල එවැන්නක් සිදුවෙලා නැහැ. ‘ලංකා ලයිව් ෆිල්ම් අවෝඩ්ස්’ ප්‍රථම උළෙල අද (06) දෙහිවල, අත්තිඩිය පාරේ ‘ඊගල් ලේක් සයිඩ්’ හෝටලයේ දී සිදු කෙරෙනවා. සම්මානනීය රංගන ශිල්පිනී ස්වර්ණා මල්ලවආරච්චි ප්‍රධානව ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන් ඇතුළුව කලා ලෝකයේ විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වෙන්න නියමිතයි.

* මෙලෙස සිනමා සම්මාන උළෙලක් පවත්වන්නට විශේෂ වූ හේතු කාරණාවක් එහෙම තියෙනවාද?

වර්තමානයේ දී අපේ සිනමාවට සම්මාන උළෙලක අවශ්‍යතාව වඩාත් දැනෙමින් තියෙනවා. මෙය සංවිධානයට මූලිකම කාරණාව වූයේ එයයි. ඒ වගේම මෙම සම්මාන උළෙල අනෙකුත් සම්මාන උළෙලවලට වඩා වෙනස් වෙනවා. ජනපි‍්‍රය නළුවා හා නිළිය තෝරා ගැනීම හැර ජූරියේ විනිශ්චයට ගැනෙන සම්මාන සඳහා විනිශ්චය සිදු කරන්නේ සම්මාන උළෙල පැවැත්වෙන අවස්ථාවේදීම වීම මෙහි විශේෂත්වයයි. එහි දී නිවේදකයා නිවේදන කටයුතුවල නිරතවනවිට තමයි ජූරියේ සාමාජිකයෙක් වේදිකාවට ගොස් අදාළ විනිශ්චය ලබා දෙනු ලබන්නේ.

ඒ වගේම ජූරියේ දර්ශන ඒ අවස්ථාවේදී සජීවීව ලබා දෙන්නත් කටයුතු කරනවා. මෙහිදී මා සමඟින් සමන් වික්‍රමාරච්චි, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අරුණ ලොකුලියන, ප්‍රවීණ කැමරා ශිල්පී එම්. ඩී. මහින්දපාල, නාට්‍යවේදී පියල් කාරියවසම් සමඟ කුමාරි කුමාරගම ජූරි සභාවේ කටයුතු කරනවා. පැය දෙකක් වැනි කාලයක් ඇතුළත දී සම්මාන උළෙල සමාප්ත කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. එහි දී සම්මාන ප්‍රදානයට අමතරව කෙටි දෙසුම් සහ නර්තන අංග කිහිපයක් ඇතුළත් කරලා තියෙනවා. ඇත්තටම මෙහි ප්‍රධානතම අරමුණ වෙන්නේ සම්මාන ප්‍රදානය සහ සිනමා නිර්මාණ අගැයීමයි. එය තමයි මෙහි විශේෂත්වය. එය සිනමාවේ පැවැත්මට උපකාරී වේවි කියා මා විශ්වාස කරනවා.

* මේ තුළ දී ජනපි‍්‍රයම අංශයේ නළුවා සහ නිළිය තෝරා ගැනෙන්නේ කුමන ආකාරයෙන් ද?

ජනපි‍්‍රයම නළුවා සහ නිළිය තෝරා ගැනීම වෙනුවෙන් අපි තෝරා ගත්තේ අදාළ වසරේ චිත්‍රපටවල ප්‍රධාන චරිත නිරූපණය කළ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්. මේ සඳහා ප්‍රේක්‍ෂකයන්ට තම මනාපය ලබා දෙන්න පුළුවන්.තචදඬචතඪමඥඵබචප.ජධථ හා ථභඵඪජඬ.තඬ වෙබ් අඩවි සහ පුවත්පත් කූපන්වලින් ප්‍රේක්‍ෂකයන්ට තම මනාපය පළ කිරීමට අවස්ථාව සැලසෙනවා.

වෙබ් අඩවියේ මනාප ප්‍රතිඵල සියල්ලන්ටම දැක ගැනීමටත් අවස්ථාව සලසා තියෙනවා. එහි දී තමා පළ කළ මනාපයට අනුව ප්‍රතිඵලය එවෙලේම දැක ගන්නට පුළුවන්. එහි දී විනිවිදභාවයක් තියෙනවා. ඕනෑම කෙනෙකුට ඒ අදාළ වෙලාවේ කවුරුද ඉදිරියෙන් ඉන්නේ කියලා දැක බලා ගන්නත් පුළුවන්.

* සම්මාන උළෙලක් කියන්නේ දැවැන්ත කටයුත්තක්. මේක අභියෝගයක් වුණේ නැද්ද?

සමමාන උළෙලක් සංවිධානය කිරීම දැවැන්ත, වගකීමෙන් කළ යුතු කටයුත්තක්. ඇත්තටම එය දුෂ්කර ක්‍රියාවක්. ‘ලංකා ලයිව් ස්ටාර් වෙබ් අඩවිය’ (තචදඬචතඪමඥඵබචප.ජධථ ) හා ඡ්දඨතඤඥඵඵ ඡ්මඥදබඵ ආයතන එකතුව තමයි මෙය සංවිධානය කරන්නේ. ලංකා ලයිව් ස්ටාර් වෙබ් අඩවියේ කතුවරයා ලෙස මම කටයුතු කරනවා. ඒ වගේම සම්මාන සඳහා තවත් ආයතන රැසකින් අපට අනුග්‍රහය ලබාදීලා තියෙනවා. ඉතාම සාර්ථක අයුරින් මෙම සම්මාන උළෙල පැවැත්වීම තමයි අපේ බලාපොරොත්තුව.

* මේ වෙනුවෙන් ප්‍රේක්‍ෂක ජනතාව වගේම කලා කරුවන්ගෙන් ලැබෙන්න මොනවගේ ප්‍රතිචාරයක් ද?

ප්‍රේක්‍ෂකයන්ගේ තියෙන උනන්දුව නම් මනාප පළ කිරීමෙන් ඕනෑම කෙනෙකුට දැකබලා ගන්න පු‍්‍රළුවන්. ඔවුන් මේ වෙනුවෙන් දක්වන්නේ ලොකු උනන්දුවක්. තමා කැමැති නිර්මාණ වගේම නළු නිළියන් අගයනවා දැකීමට ඔවුන් පි‍්‍රය කරන බව මනාප දෙස බැලුවාම හොඳින්ම පෙනෙන්නට තියෙනවා. රංගන ශිල්පීන්, ශිල්පිනියන් ගෙනුත් තියෙන්නේ එවැනිම ප්‍රතිචාරයක්. ඒ වගේම ඔවුන් තුළ මේ පිළිබඳ ලොකු විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා. ඇත්තටම මේක සජීව සම්මාන උළෙලක්. එය තමයි මේ විශ්වාසයට ප්‍රධානතම හේතුව.

ද මෙහි දී සම්මානයට නිර්දේශිත චිත්‍රපට සහ නිර්දේශිත නාමයන් ගැනත් කෙටි සඳහනක් කරමු?

පසුගිය වසරේ තිරගත වූ අනිත්‍යා, බෝම්බ සහ රෝස, පීටර් වන්, ශ්‍රී සිද්ධාර්ථ ගෞතම, සිරි පැරකුම්, නිකිණි වැස්ස, අභිනික්මන, ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ, රන් කෙවිට 2, ඉර ළඟ වැඩියි. සීතා මං ආවා. සමනල සංධ්වනිය, ඩබල් ට්‍රබල්, රජහොරු, දෝණි සහ ධ්බඵ ච ථචබබඥප ධට තධමඥ චිත්‍රපට තමයි සම්මාන සඳහා නිර්දේශ වෙන්නේ.

මෙහි දී හොඳම නළුවා - නිළිය, ජනපි‍්‍රයම නළුවා - නිළිය, හොඳම අධ්‍යක්‍ෂණය, හොඳම චිත්‍රපටය, හොඳම සංස්කරණය, හොඳම අංග රචනය, හොඳම කලා අධ්‍යක්‍ෂණය, හොඳම කැමරාකරණය, හොඳම ශබ්ද පරිපාලනය, හොඳම සහාය නළුවා - නිළිය, හොඳම තිර රචනය, හොඳම සංගීතය, හොඳම ගී පද රචනය, හොඳම ගායනය, හොඳම කෙටි චිත්‍රපටය සහ හොඳම සාහිත්‍යය කෘතිය වෙනුවෙන් සම්මාන පිරිනැමීමට නියමිතයි.

* අදින් ඇරැඹි ‘ලංකා ලයිව් ෆිල්ම් අවෝඩ්ස්’ හි ඉදිරිය ඔබ කොහොමද සැලසුම් කරන්න බලාපොරොත්තු වන්නේ?

2013 වසරේ චිත්‍රපටවලින් තමයි අපි මෙය ආරම්භ කළේ. ඒ අනුව ඉදිරියට සෑම වසරක් පාසාම මෙම සිනමා සම්මාන උළෙල පවත්වන්න අපි අදහස් කරගෙන සිටිනවා. ඒ වගේම සෑම වසරකම මුල් කාර්තුවේදී අපි ‘ලංකා ලයිව් ෆිල්ම් අවෝඩ්ස්’ සංවිධානය කරන්න සූදානම්. එය සිනමා ලෝලී ඔබට නැවුම් අත්දැකීමක් වේවි.