වර්ෂ 2014 ක්වූ මාර්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




F E E D B A C K

F E E D B A C K

ප්‍රතිචාර එවන විට එහි අග ඔබේ නම් සහ ප්‍රදේශය අනිවාර්යෙයන්ම සඳහන් කරන්න. 0752805047 අංකයට ඔබේ අදහස් ක්ෂණිකව මේ සඳහා යොමු කරන්න. තැපැල් හෝ සටහන්පත් මඟින් නම් ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනය විවෘතව පවතියි.

කොස්තාට ලැබුණු ත්‍යාගයට අපේ ප්‍රණාමය

සිංහල සිනමාවේ අති දක්ෂ රංගන ශිල්පියකු වන විමල් කුමාර ද කොස්තාට අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් නිවසක් ලබාදීම ඉතා ප්‍රසංසනීයය.

කේ. ඒ. ඩී. නාමල්

අකුරැස්ස

චිත්‍රපට සංරක්ෂක තිස්ස නාගොඩවිතානට,

සිංහල සිනමාවේ පැරැණි චිත්‍රපට විනාශ වෙන්නට නොදී රැක ගනිමින්, තිරගත කිරීමට අපහසු චිත්‍රපට නැවත ප්‍රදර්ශනයනට සුදුසු පරිදි සකසා අලුත් කරමින් ඔබ කරන එම සත්ක්‍රියාව සිනමාවට ළැදි අප සැම දෙනාටම මහත් අස්වැසිල්ලක් බව ඉඳුරා කිව යුතුය. ඒ ගැන අපි ඔබට අවංක ස්තුතිය පුද කර සිටින්නෙමු.

තිලකරත්න විල්වල

කෑගල්ල

තටාකය පාර

දමයන්තිගේ එකම විශිෂ්ට රඟපෑම

හෝපළු අරණ ටෙලි නාට්‍යයේ එතනාගේ චරිතය රඟපෑ දමයන්ති ෆොන්සේකාගේ විශිෂ්ට රඟපෑමක් මා දුටු එකම ටෙලි නාට්‍යය වන්නේ එයයි.

දයාරත්න ගනේගොඩ

කැලණිය

වේදනාවට දිව ඔසුවකි

ලක් එෆ්. එම්. සේවය ඔස්සේ සතියේ දින හතරක්ම රාත්‍රී හතේ සිට පැය දෙකකට ආසන්න කාලයක් විකාශය වන ‘ප්‍රේමණීය රාත්‍රිය’ පෙම්වතුන්ගේ පාරාදීසයකි. මගේ මතය අනුව ආදරය නිසා වේදනා විඳින හදවත්වලට එය දිව ඔසුවකි.

පෙම්වතුන්ගේ ආදරය එකිනෙකා වෙත සුළෙඟ් පාකර යවන ආදර පණිවුඩ හරිම අපූරුය. මෙම වැඩසටහන මෙහෙයවන නාලක සහ නිරාෂා අසන්නන්ගේ සිතුවිලි දෙසවන හරහා හදවතට ලබා දෙන්නේ චමත්කාර ජනකවය.

සෝමා එච්. පතිරණ

කහවත්ත

වැඩිය නැතත්

සුන්දර සිනහවත්, අවිහිංසක පෙනුමත් උපතින්ම ලබා ඇති අශිකා මතසිංහ නිතර පේන්න නැති වුණත් ලැබෙන චරිත හරිම තාත්ත්විකව නිරූපණය කරන අයුරු මට පෙනෙනවා. චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ටත් අශිකාව වැඩිපුර සිහියට නැඟෙනවා නම් හොඳයි.

සුසිලා පතිරාජ

උස්වැටකෙයියාව

මෙනුලි හරිම ලස්සනයි

මෙනුලි, ඔයා දෝණි චිත්‍රපටයේ රඟපෑම හරිම ලස්සනයි. නැවත රඟපාන්න හොඳේ.

අපි, මෙනුකි, අක්ෂි, රියොන්
මහවැව

අකුරු මැකී නැත

මුල් අකුරෙන් නම දිනූ කලාකරුවෝ

ඒ. එම්. යූ. රාජ්

බී. එස්. පෙරේරා

බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න

සී. ටී. ප්‍රනාන්දු

ඩී. ආර්. නානායක්කාර

ඊ. ඒ. පී. එදිරිසිංහ

ජී. ආර්. පෙරේරා

ජී. එස්. බී. රාණි පෙරේරා

එච්. ඒ. පෙරේරා

එච්. ඩී. කුලතුංග

එච්. ආර්. ජෝතිපාල

එච්. එස්. පෙරේරා

ජේ. එච්. ජයවර්ධන

කේ. ඒ. පියකරු

කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා

ක්. ඩී. කේ. ධර්මවර්ධන

එල්. එම්. පෙරේරා

එම්. එස්. ප්‍රනාන්දු

පී. එල්. ඒ. සෝමපාල

ටී. එම්. ජයරත්න

ඈන් නිලන්ති ප්‍රදීපිකා

වයික්කාල


S .M. S

සුන්දර චන්දරේ ටෙලි නාට්‍යහි ඇන්ටන් ජූඩ් සහ සිරිල් ධර්මවර්ධන රැඟූ දර්ශන තිබෙනවා. ඔවුන් අප අතර සිටින වග අපට හැඟෙනවා.

සමන් ගාල්ලගේ

කැටපළ

සිරස සුපර් ස්ටාර් වැඩසටහන මෙහෙය වන දසුන් මදුශාන් විනිශ්චය මණ්ඩලයේ සිටින තැනැත්තන්ට එයට වඩා ගරුසරු ඇතුව කතා කළ යුතුයි.

දුමාල්

බදුල්ල

කිංස්ලි රත්නායක යනු සිරස නාළිකාවට ආඩම්බරයකි. ඔහුගේ මුවින් ගලා එන සෑම වචනයක්ම ඉතාමත් හරවත් යැයි මගේ විශ්වාසයයි. ඔබේ දැනුම තවත් පරපුරකට බෙදා දෙන්නට කටයුතුª කරනවා නම් මැනවි.

ඉමල්කා සමරවික්‍රම

දියගහ

රූපාන්තරන සිනමාපටය මා කලෙකින් නරඹපු හොඳම සහ සාර්ථකම සිනමාපටයයි. සිංහල සිනමාව වෙනුවෙන් මෙවන් චිත්‍රපටයක් හැදීම වෙනුවෙන් නාලක විතානගේට සුබපතතමි.

ඉසුරු

හැඳල

සරත් ධර්මසිර මහත්මයාණෙනි, මිරි¼ගු දිය වැනි උසස් ටෙලි නාට්‍යක් ඔබෙන් යළි බලාපොරොත්තු වෙමි. ඔබ කොහොමත් නිර්මාණ කරන්නේ ප්‍රේක්ෂකයන් ඉහළ රස වින්දනතාවයකට ගෙනි යමිනි. ඇත්කඳ ලිහිණියා, බණ්ඩාර දෙයියෝ වැනි නාට්‍යවලින් මම එය අත්දුටුවෙමි.

රත්න කහඳව

අලව්ව

අලෙක්සැන්ඩර් ප්‍රනාන්දු යනු මෙරට සිටි අති දක්ෂ සටන් නළුවෙකි. ඔහු සරදියෙල්ගේ පුතා, පස මිතුරෝ වැනි සිනමාපටයන්හි පෑ දස්කම් මට අදටත් හොඳින් මතකය. එවන් සූර නළුවන්ට මම දීර්ඝායුෂ පතමි.

ආනන්ද වික්‍රමආරච්චි

ඉහළ තල්දූව

ප්‍රසංග වේදිකාවේ කණ්ඩායම් සංගීතය තුළ තමන්ගේ අනන්‍යතාවයක් ගොඩ නඟා ගනිමින් අපව කුල්මත් කළ මේ වන විට හදිසි අනතුරකට ලක්ව ප්‍රතිකාර ලබන නෙල්සන් වාස් කලාකරුවාට දළඳා සමිඳු පිහිටෙන් ඉක්මන් සුවය ලැබී සන්ෆ්ලවර් වේදිකාව මනස්කාන්ත කරන්න හැකි වේවා.

චතුරංග සම්පත්

තුන්තැන

නව පරපුරේ රංගන ශිල්පියකු වන අනුරුද්ධ ගාම්භීරආරච්චි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයටද පිවිසිලා කියලා මට දැනගන්නට ලැබුණා. මම ඊට සුභපතන අතර ළඟදීම චිත්‍රපටයක් කිරිමට ද හැකි වේවා යැයි ප්‍රාර්ථනාවක් කරනවා.

චාමර

නුවර

ස්වප්නා තමයි මං ආසවෙන් නරඹන එකම ටෙලි නාට්‍යය. ස්වප්නා වැඩක නැති ටෙලියක් යැයි කියන්නෝ එය නරඹනුයේ ඇස් දෙක පියාගෙන යැයි මට සිතේ.

චලනි

අවිස්සාවේල්ල

මාධව විජේසිංහ පුංචියට හිටියට වැඩ කිඩ අතින් නම් මහා කලාකරුවෙක් වගේ. නිවේදනය මෙන්ම රංගනයට ද ඔහු දක්වන දක්ෂතාවය නව පරපුරෙහි කිසිවෙකුටත් සම කරන්න බැහැ කියලා මා විශ්වාස කරනවා.

තිළිණි

දඹුල්ල

ඇතැම් ගුවන් විදුලි නාලිකාවන් ගීත ප්‍රචාරය කරන්නේ සල්ලි අරගෙන කියලා දැනග්නට ලැබුණා. කරුණාකර එම තත්ත්වය නවත්වන්න කියා මම ඉල්ලා සිටිනවා. මොකද දුප්පත් කලාකරුවන්ට එමඟින් තම ගමන යාමට අවස්ථාව නැතිවන නිසා.

ප්‍රසංග

උඩුගම

ජනිත් වික්‍රමගේ උපන් දිනය සැමරූ අයුරු හරිම අපූරුයි. ඔහු සිදු කළ ලේ දන්දීමේ පුණ්‍ය කටයුත්ත ඉතාම සාර්ථක වුණා කියලා ඔහු ‘සරසවිය’ට කියලා තිබුණා. මම කියන්නේ අනිත් කලාකරුවනුක් ඔහුව ආදර්ශයට ගත්තා නම් හොඳයි.

ෆාතිමා

වැලිගම