‘ඉසිඹුවට විරාමයක්’
‘ඉසිඹුවට විරාමයක්’
පැරැණි සංගීතයේ රස මිහිර කෙමෙන් මැකී යන මොහොතක එහි අපූර්වත්වය මැනවින් විදහා
දැක්වුණු නූර්ති, නාඩගම්, ග්රැමෆෝන්, වේදිකා නාට්‍ය, පැරැණි චිත්‍රපට, සරල ගීත
ආදියෙන් හා අපූර්ව වාදන අංගයන් රැසකින් සමන්විත “ඉසිඹුවට විරාමයක්” පැරැණි සංගීතමය
ප්‍රසංගයක් පසුගිය දා කෑගල්ල නගර සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. රාජ්‍ය
සම්මානලාභී, කලාභූෂණ, සංගීත විශාරද තිලකරත්න බණ්ඩාරයන්ගේ මෙහෙයවීමෙන් මෙය සංවිධානය
කර තිබිණි.
සංගීත කලාවේ විකාශය ඇරඹූ යුගයේ සිට මේ දක්වා විවිධ ශෛලීන් ගෙන් යුත් ගීත ගායනයන්
මෙහිදී දැකගත හැකි විය. පැරැණි ගීතයේ රසය නැවතත් රසිකයන් අතරට ගෙනයාමේ අරමුණ ඇතිව
කෑගල්ල ‘සිල්වර්ස්ටාර් සිංහ සමාජය’ ඉදිරිපත් කළ මෙම ප්‍රසංගය සබරගමුව පළාත් ප්‍රධාන
අමාත්‍ය මහීපාල හේරත්, ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ජගත් බාලසූරිය, විදුලි සංදේශ
හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කෑගල්ල සිල්වස්ටාර් සිංහ සමාජයේ
සභාපතිනි පත්මිණී ජයසේන යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
සංගීත විශාරද තිලකරත්න බණ්ඩාර ප්රමුඛ පී. ජී. එස්. බොකලවල, වික්‍රමසිංහ ධර්මවර්ධන,
උපුල් රෝහණ, කෝසල මධුසංඛ, පසිඳු පබසර සහ මිහිරාජ් නන්දන වාද්‍ය වෘන්දයට මෙහිදී
එක්වූහ. ගුවන් විදුලි නිවේදක චන්දන බණ්ඩාර සහ මාධ්‍යවේදී අමිල බණ්ඩාර මෙහි නිවේදන
කටයුතු සිදු කළ අතර උපුල් රෝහණ එවරාජ්, ජී. ඒ. චන්දන තිලක, අමිල බණ්ඩාර, රොෂානි
මධුරේඛා, සහන් පතිරණ, චමින්ද හීල්බත්දෙණිය, ඉමේෂා සත්සරණී ගීත ගායනයෙන් එක්වූහ.
- චන්දු ඉඹුලාන
|