වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




ළමුන්ගේ හිත සුව පිණිස කලාකරුවන් ඇවිත්

ළමුන්ගේ හිත සුව පිණිස කලාකරුවන් ඇවිත්

මහරගම පිළිකා රෝහලෙහි සෙල්ලම් ගෙදර ශ්‍රවණාගාරයට පසුගිය සෙනසුරාදාවේ අප කලාකරුවන් කිහිප දෙනෙකු ගියේ විශේෂ වැඩ කටයුත්තක් සඳහා. ඒ නේවාසිකව ප්‍රතිකාර ගන්නා ළමුන්ගේ හිතසුව පිණිසයි. ඔවුන් එදින විවිධ ක්‍රියාකාරකම් කළා. ගයේෂා පෙරේරා සිංදු කිව්වා. චන්දික නානායක්කාර, අධ්‍යක්ෂ සුමිත් ගල්හේන, අනූෂා දමයන්ති, අනුර ධර්ම සිරිවර්ධන, චංචලා වර්ණසූරිය විවිධ අංග ඉදිරිපත් කළා. රෝහලේ සිටින පුංචි ළමෝ එදින කියාගත නොහැකි සතුටට පත් වුණේ මොහොතකට හෝ ඒකාකාරී ජීවිතයෙන් මිදුන නිසයි. මේ එම අවස්ථාව සේයාරුවට නැඟුණු අයුරුයි.