වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




ෆ්‍රෙඩී ඇවිදින්න පටන් අරන්

ෆ්‍රෙඩී ඇවිදින්න පටන් අරන්

ස්කුබි ඩූ චිත්‍රපටයේ ෆ්‍රෙඩී ජෝන්ගේ චරිතයට පණ පොවන හොලිවුඩයේ පමණක් නොව ලොව වටා ලොකු පොඩි කා අතරත් ජනප්‍රිය වූ ෆ්‍රෙඩී ප්‍රයිස් ජූනියර් පසුගිය කාලය ගත කළේ රෝහලකයි. ඒ ඔහුගේ පිටකොන්දේ සිදු කළ ශල්‍යකර්මයක් හේතුවෙන්. ඔහුට ආදරය කරන හැමෝටම දැන් සුබ ආරංචියක්.

ශල්‍යකර්මයෙන් අනතුරුව ලෙඩ ඇඳෙන් බිමට බැස දැන් ඔහු ව්‍යායාම සඳහා ඇවිදින්න පටන් අරන්. තිස් අට හැවිරිදි ෆ්‍රෙඩී පසුගියදා ලොස් ඇන්ජලීස්හිදී තම බිරිඳ සාරා මිචෙල්, දෙහැවිරිදි පුතු සහ පස් හැවිරිදි දියණිය ද සමඟින් ඇවිද යන අයුරු දැක ගන්න හැකි වුණා. මේ ගමනට ඔහුගේ නිවසේ බලු සුරතලාද එක් වී සිටියා.