|
තරු පිරිවරා මේනකා යුග දිවියටකලා ලෝකයේ හැඩකාර තරුවකට පසුගියදා මංගල සීනු හැඬ වුණා. ඇය මේනකා පීරිස්. විවිධාකාර වූ චරිත රැසකින් පුංචි තිරය හැඩ කළ ඇය වේදිකාවට දක්ෂ නර්තන ශිල්පිනියක ද වුණා. ඒ වුණත් පසුගියදා ඇය සුන්දර මනාලියක ලෙසින් හැඩ වී තම ආදරවන්තයා සමඟින් අතිනත ගත්තා. ඔහු අමර්. මෝර්වේ පදිංචි අමර් ටෙලි මාර්ක් සරසවියේ සහකාර මහාචාර්යවරයෙක්. තෙල් සමාගමක ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ද වන අමර් සමඟින් විවාහ පත් වූ මේනකා ළඟදීම නෝර්වේ පදිංචියට යන්න සූදානම්. තම ජීවන ගමනේ සොඳුරුතම කඩඉමේදී ඇය සරසවිය ඇමතුවේ මේ අයුරින්. ‘මම කවදාවත් හීන ලෝක හදාගෙන ජීවත් වුණේ නැහැ. බොහොම සරලව සැහැල්ලුවෙන් පොළවේ පය ගහලා ජීවත් වුණේ. මට ඕනෑ වුණේ හැමදාම මගේ අම්මා, තාත්තා සහ මල්ලි ආදරයෙන් බලාගෙන ජීවත් වෙන්න. අම්මයි තාත්තයි හැමදාම මට දුන්නේ හොඳම දේ. මම කවදාවත් ආදර සම්බන්ධයක් ගැන හිතුවේ නැහැ. හඳහන් ගලපා දෙමව්පිය ආශිර්වාදයෙන් මගේ ආදර ලෝකය ගොඩ නඟා ගන්න මං හැමදාම ප්‍රාර්ථනා කළේ. ඒ අනුව මට හමුවුණ කෙනා අමර්. ඔහු මම හොයපු ඊටත් වඩා හොඳ ගති ගුණ තියෙන කෙනෙක්. ඒ නිසා මම ගොඩක් සතුටින් ඉන්නේ. අපි විවාහයෙන් පසුව මෝර්වේ පදිංචියට යන්න සූදානමින් ඉන්නේ. ඒ වුණත් ලංකාවට එන විටදී කලා නිර්මාණ සඳහා දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. පවුල් ජීවිතයට මුල් තැන දිය යුතුයි. ඒ නිසයි මේ තීරණය ගත්තේ. අමර් වගේ සැමියෙක් ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. මගේ අම්මා තාත්තා වගේම සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න මම බලාපොරොත්තු වෙනවා.’
වාසනා වේවා - වාසනා වේවා
|