සුපිරි තරු දරුවෝ මතට ලොල් වී
සුපිරි තරු දරුවෝ මතට ලොල් වී
හොලිවුඩයේ සුපිරි තරුවල දරුවන් නැළවෙන්නේ බොහොම සුවපහසු උකුල් මතයි. කෙතරම් සැප
පහසුවට තිබුණත් ඒ සැප අතරේ ජිවිතයට නොවටිනා දේ කරනා දරුවන්ද ඔවුන් අතර වෙයි. ඒ ගැන
කතාකරන විට මේ දවස්වල මාතෘකාව වෙලා තියෙන්නේ ජනප්‍රිය නළු ටොම් හෑන්ක්ගේ පුත්‍රයෙකු
වන චෙස්ටර් හෑන්ක් ගැනයි. විසිහතර වියැති රැප් ගායන ශිල්පියෙකු
වන චෙස්ටර් මත්
ද්‍රව්‍යට ඇබ්බැහි වු තරුණයෙක්. කුඩා වියේ පටන් මතට ඇබ්බැහි වූ චෙස්ටර් වයස අවුරුදු
දහසයේ සිටම එයින් මිදෙන්නට තැත් දරණ බව පවසා තිබෙනවා. මේ දිනවල ඔහු ඒ වෙනුවෙන්
විශේෂ පුහුණුවක යෙදෙමින් සිටින බව ආරංචියි.
හොලිවුඩයේ මේ අයුරින් මත නිසා ජීවිතය වරද්දා ගත් එකම දරුවා චෙස්ටර් පමණක් නොවෙයි.
අමෙරිකානු ජයප්‍රිය ගායිකා විට්නි හුන්ස්ටන් ගේ දියණිය බොබී හුන්ස්ටන්ද මත්
ද්‍රව්‍ය භාවිත කරන තවත් අයෙක්. විසිඑක් හැවිරිදි බොබී මත්ද්‍රව්‍ය භාවිත කරන
ඡායාරූප අන්තර්ජාලයේ පළ වීමෙන් අපකීර්තියට පත්වී තිබෙනවා. හොලිවුඩ් නළු මයිකල්
ඩග්ලස්ගේ වැඩිමහල් පුතු වන කැමරන් ඩග්ලස් ද හෙරොයින් ගනුදෙනුවක් හේතුවෙන් සිරභාරයට
ගෙන තිබේ. 2010 වසරේදී සිරගත වූ ඔහු නිදහස් වෙන්න නියමිතව යෙන්නේ 2018 වසරේදීයි.
හොලිවුඩයේ තවත් රංගන ශිල්පියෙකු වන පයිරේස් බ්‍රොස්නන් ගේ හදාගත් පුත්‍රයා වන
ක්‍රිස් බ්‍රොස්නන් ද සිරගත වූයේ් හොරොයින් ගනුදෙනුවකට සම්බන්ධව වරදකරු වීමෙනි.
ක්‍රිස් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වෙලා තියෙන්නෙ 1991 වසරේදී මවගේ වියෝව සමගිනුයි.
|