‘සමන් වැලේ මල්’ ප්‍රසංගය ජාතික රූපවාහිනියෙන්
‘සමන්
වැලේ මල්’ ප්‍රසංගය
ජාතික රූපවාහිනියෙන්
විද්වතුන්, කලාකරුවන්, ප්‍රභූවරුන් ඇතුළු බොහෝදෙනාගේ ප්‍රසාදයට ලක් වූ ‘සමන් වැලේ
මල්’ ළමා ගී ප්‍රසංගය මේ මස 07 වැනි ඉරිදා පස්වරු 1.00ට ජාතික රූපවාහිනියෙන් විකාශය
වෙයි.
කලාසූරී අරිසෙන් අහුබුදු තෙවන සමරුව නිමිත්තෙන් කොළඹ බිෂොප් විද්‍යලයීය
ශ්‍රවණාගාරයේ දී ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනියගේ ප්‍රධානත්වයෙන්
පැවැත්වුණු මේ ප්‍රසංගයට අරිසෙන් අහුබුදු සූරීන් ලියූ විශිෂ්ටතම ළමා ගීත සමුච්චයක්
ඇතුළත්ය. අයිවෝ ඩෙනිස්, විශාරද ජගත් වික්‍රමසිංහ, ලක්ෂ්මන් විජේසේකර, විජේරත්න
වරකාගොඩ, නිශ්ශංක දිද්දෙණිය, රත්නා ලාලනී ජයකොඩි, ප්‍රියංවදා මධුභාෂිණී සමඟ
‘වයිට්ලීෆ්’ ප්‍රසංග කලා ඇකඩමියේ දරුදැරියන් ගැයුමෙන්, රැගුමෙන් දායක වන මේ
ප්‍රසංගයේ අධ්‍යක්ෂණය නාලක ස්වර්ණ තිලකගෙනි. සංගීතය අධ්‍යක්ෂණය ලක්ෂ්්මන් විජේසේකර
හා විශාරද ජගත් වික්‍රමසිංහගෙනි. අරිසෙන් අහුබුදු පදනමේ ඉදිරිපත් කිරීමක් වන මේ
ප්‍රසංගයේ රූපවාහිනි නිෂ්පාදනය උදාන්ත ගුණතිලක විසිනි.
- තිලානි ශානිකා
|